Pages

Subscribe:

Ads 468x60px

පවුල් ආරවුල නිසා නිල්වලා ගඟට පැන ජීවිතය එපා කී මව


මාතර මහානාම පාලම මතින් ගමන් කරන  ඕනෑම කෙනෙකු නිල්වලා ගඟ දෙස බලන්නේ එහි සිටින කිඹුලන් බැලීමටය. ඊට අමතරව ඔරු පාරුද පාලම යටින් ගමන් කරන අයුරු දැකගත හැකිය. 

නමුත් ඊයේ(25) සවස 4.30ට පමණ මාතර මහානාම පාලම මතින් ට්‍රක් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකුට දක්නට ලැබුනේ පාලම මත සිටි දෙදරු මවක් එකවරම තම අත් බෑගය සහ සෙරෙප්පු කුට්ට්ටම පාලම මත තබා නිල්වලා ගගට පනින අයුරුය.

ක්ෂණයකින් සිදුවීමට යන ඛේදවාචකය වටහාගත් ට්‍රක් රියදුරා රථය පාලම මත නවතා රථයේ වූ කඹයක්ද රැගෙන පාලම කෙලවරට පැමිණ ගඟට එබී බැලුවා. ගඟට පනින ලද මව දිය යට ගිලී ගොස් නැවත උඩ


මතු වෙනු දුටු රියදුරා ක්ෂණයෙන් සිය අත වූ කඹයෙහි කෙලවරක් ගගට විසි කරා.

එසැනින් දියේ ගිලෙමින් සිටි තරුණිය කඹේ කෙළවරක එල්ලුනේ ගඟට පැන සිය දිවි නසා ගැනීම සිතන තරම් පහසු ක්‍රියාවක් නොවන බව ජලයේ ගිලීමත් සමග දැනුන වේදනාව නිසාවෙන් අවබෝධ වූවාක් මෙනි.

මේ වන විට පාලම මතින් ගමන් කරන්නන් රැසක් මෙය දැක බලා ගැනීමට පාලම කෙලවරට රැස් වුනා. ජලය පෙවී සිටි මව කඹය ආධාර යෙන් පාලම මතට ගැනීම අසීරු හා අවදානම් කටයුත්තක් වුනා. 


නිල්වලා ගඟේ සිටිනා කිඹුලියගේ පැටියා මිනී නොකන බවට ප්‍රසිද්ධ ජන කවියක් තිබුණද පාලම මතට රැස්වූ කිසිවකුත් තරුණිය බේරා ගැනීමට ගඟට නොපැන්නේ මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ සිටිනා බව හොඳින් දන්නා නිසාය.

ඔවුන් සියළු දෙනාට කළ හැකිව තිබුණේ අත් උස්සමින් මහ හඬින් කෑ ගැසීම පමණි. ජනතාවගේ කෑ ගැසීම ඒ අසළ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථ වාහන අංශයේ නිළධාරින්ට සහ අසළ පිහිටි යුද හමුදා
කඳවුරේ නිලධාරීන්ටද ඇසුණි.

ඔවුන්ද පාලම කෙළවරට පැමිණියද පෙර මෙන් මව කඹය ආධාරයෙන් ඉහළට ගැනීම අසීරු කටයුත්තක් විය. පසුව කෙසේ හෝ මව කඹයේ එල්ලී පාලමේ ආධාරකයක් අසළට පැමිණ සිටියාය. 


ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මෝටර් බෝට්ටු දෙකක් ගෙන්වා ගන්නා ලදි. ඉන් පසු එම යාත්‍රා දෙකෙහි පැමිනි ධීවරයින්ගේ සහ ප්‍රදේශ වාසීන්ගේද සහය ඇතිව බේරාගත් මව ගොඩට ගෙන විත් ඉක්මනින්  මාතර මහරෝහල වෙතයැවීමට ක්‍රියා කළහ.

මේ අතර ඇතම් පිරිස් "මැරෙන්න පැන්නා නම් මොකටද ඇයව බේරා ගන්නේ" යැයි කියමින්ද සිටියදී,, මුලින්ම මව ගඟට පනිනු දැක ට්‍රක් රථය නවතා පැමිණ, ඇය බේරා ගැනීමට කඹයක් දමා උතුම් ක්‍රියාවක් සිදුකල උතුම් මිනිසා, කිසිවකුගේ ප්‍රශංසාවක්ද ලැබීමට නොසිට රහසේම එම ස්ථානයෙන් පිටව ගොස් තිබුනා.

0 comments:

Post a Comment