Pages

Subscribe:

Ads 468x60px

මහින්දව ශ්‍රී ලනීපයට අවශ්‍ය නැති බව ජීවන් කියයි


මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ල නි ප ය ඉදිරියට යන්න බැහැ කියල කියනවා නම් ඒක ලොකු විහිලුවක් බවත් ශ්‍රී ල නි ප ය ආපු ගමනෙ නායකයන් ඕන තරම් වෙනස් වෙලා තිබෙන බවත් කම්කරු රාජ්‍ය ඇමැති ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.

දේශපාලනඥයන් ජන මතයට ගරු කළ යුතු බවත් පක්ෂය දෙකඩ කිරීමේ පාපයට දායක නොවන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින

බවත් පසුගියදා මොරටුවේ පැවැති ජන හමුවක් අමතමිණි. රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම සඳහා ලබාදුන් ජනතා තීන්දුව අනුව රාජපක්ෂ පැත්තකට වී සිටිය යුතු බව ඔහුගේ ප්‍රකාශයේ හරය වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු රාජ්‍ය ඇමැතිවරයා, රටේ ජනතාව ගෙන් බහුතරයක් තීන්දු කළා හිටපු නායකත්වය වෙනස් කරන්න. අප පක්ෂය වෙනුවෙන් යම් යම් කැපවීම් කළත් හිටපු ජනාධිපතිවරයා අපව සාකච්ඡාවලට කැඳවා කීවේ ඕන කෙනකුට යන්න පුළුවන් මේක බාබර් සාප්පුවේ දොර වගේ කියලා. 


අප කීවේ මේ තරම් අපව අවතක්සේරු කරන්න එපා කියලා. මෙවැනි කාරණා නිසා පාක්ෂිකත්වය කලකිරෙන තත්ත්වයකට පත් වුණා. මම හිටපු ජනාධිපතිතුමාට කියන්නෙ පක්ෂය දෙකඩ කිරීමේ පාපයට දායක වෙන්න එපා කියලා. අපි එතුමාව ප්‍රතික්ෂේප කරල නැහැ. තනතුරුවලට ලොල් වෙන්න එපා කියලත් කියනවා.

0 comments:

Post a Comment