Pages

Subscribe:

Ads 468x60px

දෙමව්පියන් දඬුවම් කළේ යැයි පොලිසි ගිය නිරුවත් පින්තූර හුවමාරු කළ සිසුවිය මෙන්න..


ෆේස්බුක් හරහා මිතුරන් සමග නිරුවත් ඡායාරූප හුවමාරු කළැයි උරණ වී 16 හැවිරිදි දියණියට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ අධිකරණයට ඉදිරිපත් කළ ඇගේ මව සහ පියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ
මහත්මිය නියම කළාය.

පහරකෑමට ලක්වූ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දෙහිවල පොලීසියට කළ පැමිණිල්ලක් මත ඇගේ මව්පියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ පසුව ඇප මත නිදහස් කොට තිබේ. 

ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරන මෙම ශිෂ්‍යාව අන්තර්ජාලයට තදින් ඇබ්බැහි වී සිටි බැවින් අවවාද කර සීයාගේ නිවසේ නවත්වා සීයා බාරයට පත් කර ඇති අතර සීයාගේ නිවසේ සිටිමින් මෙම නොහොබිනා ක්‍රියා සිදු කර ඇතැයි මව්පියන් පොලීසියට පවසා තිබෙනවා. 


දියණිය සන්තකයේ අන්තර්ජාලය යාම සඳහා ජංගම දුරකථන 10ක්ද තිබෙන බව ඔවුන් පොලීසියට කියා ඇත. සැකකාර මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව අධිකරණය වෙත ප්‍රකාශ කළ අතර පොලීසිය ද වාර්තාවක් මගින් අධිකරණයට කරණුදැක්වීය.

ඉදිරිපත් වූ කරුණු අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයට යොමු කර නැවත සීයා බාරයට පත් කරන ලෙසත් පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් ජුනි 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළාය.

0 comments:

Post a Comment