Pages

Subscribe:

Ads 468x60px

මත්පැන් බී හසුවූ නිසා දිවි නසාගත් පුතා ගැන රුවන්වැල්ලේ මවක් හැඬු කඳුලින් කී කතාව


අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 15 හැවිරිදි සිසුවකු ගෙල වැලලා ගැනීමෙන් මරණයට පත්ව ඇති පුවතක් රුවන්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු මෙලෙස සියදිවි ගැනීමට හේතුවී ඇත්තේ පාසල නිමවි යහළුවන් සමඟ මත්පැන් වර්ගයක් ‌සකස්‌ කරගෙන එය පානය කිරීම ඔහුගේ

අම්මාට හසුවීම යැයි මේ වන විට සැකකෙරෙනවා. මේ පිළිබඳව මරණ
පරීක්‌ෂණය පැවති කරවනැල්ල මූලික රෝහදී සාක්‌ෂි දුන් දරුවාගේ මව පවසා ඇති කරුණු පහත පරිදි වේ.

පුතා පසුගිය 4 දා ප.ව. 2.30 ට පමණ පාසල ඇරිලා ගෙදර ආවා. නැවත පාසලෙන් දුන් ප්‍රශ්න පත්‍රයක්‌ බලන්න කසුන්ලාගේ ගෙදර යනවා කියා ගිහින් 5.30 ට පමණ ආපසු ගෙදර ඇවිත් නිදාගත්තා.

මම ඒ ගැන ඇහුවහම ඔළුව රිදෙනවා කියා කීවා. මට සැක හිතිලා දිගටම අහනකොට මත්ද්‍රව්‍යයක්‌ හදාගෙන බිව්වා කියලා පිළිගත්තා. ඒ බව තාත්තාට කීවොත් "වහ බොනවා" කිව්ව නිසා මම ඒ බව සැමියාට කීවේ නැහැ. ළමයා සාමාන්‍ය පරිදි පසුවදා පාසල් ගියා. 


ඒත් සවස 4 විතර වෙනකොටත් ආපසු ආවේ නැති නිසා හැමෝම ළමයා හොයන්නට පටන් ගත්තා. 6.30 ට විතර ආරංචි වුණා. පුතා පාළු වත්තක මැරිලා ඉන්නවා කියා.

මියගිය සිසුවාගේ පාසල් මිත්‍රයන් දෙදෙනකු පවසා සිටියේ කලක සිට මේ ආකාරයට මත්පැන් පානය කිරීමට ඔවුන් පුරුදු වී සිටි බවයි. මොහු දිවි නසා ගැනීමට තොරාගෙන තිබුණේද ඔවුන් මත්පැන් පානය කිරීමට යොදාගත් පාළුවට ගිය නිවසයි.

මරණ පරීක්‌ෂණය කළ ස්‌ථානයට මෙම දරුවන්ගේ පාසලේ විදුහල්පති, විනය භාර ගුරුවරිය හා පන්ති භාර ගුරුවරිය කැඳවීමට මරණ පරීක්‌ෂක වරයා කටයුතු කර තිබී ඇත. නොමඟ ගිය දරුවන්ද කැඳවා මින් ඉදිරියේදී
මෙවැනි ක්‍රියාවන්ගෙන් ඈත්ව සමාජයට වැඩදායක පුද්ගලයන් වීමේ අරමුණින් පාසල් කටයුතු හොඳින් කරගෙන යැමට පොරොන්දු වී ගුරුවරුන් හා දෙමාපියන්ට වැඳ සමාව ගැනීමටද පවසා ඇත.

0 comments:

Post a Comment