Pages

Subscribe:

Ads 468x60px

ද හින්දු පුවත්පතට ඩුප්ලිකේට් සිරිසේනයි ජනපති සිරිසේනයි පැටලුනු හැටි


අද (7) වර්තමානයේ ශ්‍රී ලංකා දේශපාලනය ගැන විමර්ශනාත්මක ලිපියක් පළකර තිඛෙන ඉන්දියාවේ සුප්‍රකට ද හින්දු පුවත්පත එහි ජනපති මෛත්‍රි පාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර මේ වනවිට පවතින නිහඩ පිළිවෙත නිසා ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීම ගැටලූ සහගත බව කියා තිබෙනවා.

මෙම විස්තරය සමග ඔවුන් එම ලිපිය වෙනුවෙන් වත්මන් ජනපති මෛත්‍රිපාල හා හිටපු ජනපති මහින්ද එකට සිටින බවට ඡායා සටහනක්ද තබමින් ඡායාරූපයක් පළකර තිඛෙනවා.

එහි ඇත්තටම සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ ආර්.ඒ. සිරිසේනයි. ඩුප්ලිකේට් සිරිසේන ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකටවූ

මෛත්‍රිපාල සිරිසේනට හැඩහුරුකමින් සමාන වෙමින් මඩ ව්‍යාපාරයක නියැළුණ මෙම පුද්ගලයා හිටපු ජනපති මහින්ද මැදමුලනේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවට එක්වූ වෙලාවේ ලබාගත් ඡායාරූපයක් ඉන්දියානු මාධ්‍ය වැරදි ලෙස භාවිතා කර ඇත.

එම ඡායාරූපය සහිත ද හින්දු වෙබ් පිටුව මෙතැනින්
http://www.thehindu.com/news/international/president-sirisenas-position

එම පිටුවේ ඡායාරූපයක් පහතින්.



0 comments:

Post a Comment