Pages

Subscribe:

Ads 468x60px

දෙතොළට දෙතොළ Kissing භයානකයි



පෙම්වතුන් එකිනෙකා සිපගන්නා ක්‍රම ඕනෑ තරම්. ඒ ගැන එකිනෙක විස්තර කරන්න අවශ්‍ය නැති වුණත් ලොව පුරා ජනප්‍රිය වී තිබෙන මුවට මුව තබා සිප ගැනීම ගැන දැන් දැඩි අවදානමකින් හිතන්න වෙලා. 

විශේෂයෙන් පෙම්වතුන් සිප ගැනීම ලොව තිබෙන ප්‍රේමනීයම හැසිරීමක් වුණත් දැන් එහි අවදානමක් මතුවෙලා කියන එකත් කියන්නම වෙලා
තියෙන්නේ මේ නිසා වෛරසයක් ආසාධනය වීමට ඇති ඉඩ කඩ වැඩී කියන නිසයි.

මේ වෛරසයේ නම පැපිලෝමා. Human papilloma virus (HPV) යනුවෙන් හැඳින්වෙන මෙය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ගමන් කළ හැකි බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. 


මෙම වෛරසය හිසේ, බෙල්ලේ සහ හකු ආශ්‍රිතව පිළිකා ඇති කිරීමට හේතුවිය හැකි බව මේ පිළිබඳ අදහස් දක්වමින් රෝයල් ඩ්රෝවින් රෝහලේ වෛද්‍ය මහිබාන් තෝමස් පවසනවා.

ඔහුට අනූව මුවට මුව තබා සිප ගැනීමෙන් පැපිලෝමා වෛරසය අසාධනය වන මිනිසෙකුට වෛරසය අසාධනය නොවූ මිනිසෙකුට වඩා හිසේ සහ බෙල්ලේ පිළිකා ඇතිවීමේ අවදානම 250 ගුණයක් වැඩියි.

එසේම මෙම වෛරසය ගැහැණු පිරිමි බේදයකින් තොරව බලපෑම් ඇති කරන බවත් හඳුනාගෙන තිබෙනවා. ඇමරිකාවේ රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානයට අනූව මුවට මුව තබා ගැනීම පමණක් නොව මුඛ සංසර්ගයද මෙම පැපිලෝමා වෛරසය බෝවීමට තවත් හේතුවක්.

එසේම මෙම තත්ත්වය දුම් පානය සහ නිතර මත්පැන් පානය කිරීම නිසා ඇතිවන පිළිකා අවදානමට සමාන බවත් කියැවෙනවා. 2011 වසරේදී ඕස්ට්‍රේලියාව තුළ හිස සහ බෙල්ල ආශ්‍රිත පිළිකා රෝගීන් 3121ක් හඳුනාගෙන ඇති අතර එම පිළිකා සඳහා දුම්බීම, මත්පැන් පානය, විකිරණ සහ පැපිලෝමා වෛරසය හේතු වී ඇති බව අනාවරණය වෙනවා.

ඔන්න ඉතින් මුවට මුව තබා සිපගන්න හැමෝටම කියන්න වෙන්නේ මේ වෛරසය ගැන දැන් අවදානමක් ගෙන හිතන්න කාලය ඇවිත් කියලයි.


5
826

0 comments:

Post a Comment