Pages

Subscribe:

Ads 468x60px

ට්‍රක්- බස් රථ ගැටුමක් දෙදෙනෙක් මරුට : 30ක් රෝහලට


ගත වූ පැය 12කට ආසන්න කාලය තුළ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සිදු වූ රියඅ අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තුවාල ලබා ඇති සංඛ්‍යාව 34ක්.

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ සිරිම්බිඅඩිය ප‍්‍රදේශයේ අද (23) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්

වුණා.තවත් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා. ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබූ බවයි පැවසුවේ.

ජීවිතක්ෂයට පත් වූවන් සහ තුවාල ලැබූ සියලු දෙනා බස් රථයේ ගමන් ගත් අයයි. තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර මාතර - තංගල්ල ප‍්‍රධාන මාර්ගයේ පල්ලිමුල්ල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින්ද කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එ් ති‍්‍රරෝද රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ති‍්‍රරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක්.

එහි ගමන් ගත් තවත් අයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කෙරුණා. ඊයේ (22) රාති‍්‍ර 10 යි 10ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.



01 (1) 02 03 jpg 04 05 10

0 comments:

Post a Comment