Pages

Subscribe:

Ads 468x60px

ඒ පාසලට මා ගියා කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා.

පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර කියයි...

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා 15දා සවස නියෝග කළේය.

නවගත්තේගම ඉසුරු පාස‍ලේ සේවය කරන උප ගුරුවරියකට හිංසා කිරීමේ චෝදනාව යටතේ මෙම පළාත් සභා මන්ත්‍රීවරයාව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. හිංසනයට ලක්ව ඇත්තේ නවගත්තේගම මහ අන්දරවැව පදිංචි ප්‍රියානි සුසිලා හේරත් (38) නම් වූ එක්දරු මවකි. ඇය නවගත්තේගම ඉසුරු පාස‍ලේ විනය මෙන්ම ශිෂ්‍ය නායිකාවන් බාර උපගුරුවරියද වේ.


පාස‍ලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් වූ සොයා බැලීමක් විදුහ‍ලේ ආචාර්ය මණ්ඩලය විසින් ඉකුත් 14 වැනි දින පෙරවරුවේ සිදු කර ඇත. එදින පාසලට පැමිණි ඇතැම් ශිෂ්‍යාවන්ගේ ගවුම් විදුහලට විසුන් කර ඇති නියමයන්ට අනුකූලව නොතිබූ හෙයින් ඒ සෑම ශිෂ්‍යාවකටම ගුරුවරියන් විසින් අවවාද කර ඇත. 


එසේ අවවාද කර ඇති ශිෂ්‍යාවන් අතර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පළාත් සභා මන්ත්‍රීවරයාගේ දියණියද සිට ඇත. ඇය එම විදුහ‍ලේ 10 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටී.

පාසල අවසන් වී සුළු වේලාවක් යන විට විද්‍යාලයට කඩා වැදී ඇති සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරියට පරුෂ වචනයෙන් බැන වැදී ඇයව විදුහ‍ලේ බිම දණ ගස්වා ඇත. මෙම සිද්ධිය වන විට සෙසු ගුරු මණ්ඩලය මෙන්ම පාසලෙන් පිටව නොගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්ද පාසල තුළ සිට ඇත. 


දෙවරක්ම ගුරුවරියව පාසල තුළ දණ ගස්වා ඇති පළාත් සභා මන්ත්‍රීවරයා පසුව ඇයට පරුෂ වචනයෙන් බැන වැදී පිටත්ව ගොස් ඇත. සිද්ධිය වන විට නවගත්තේගම විද්‍යාලයේ විදුහල්පතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා බැහැරට ගොස් තිබි ඇත. වැඩ ආවරණය කරමින් සිට ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසිනි.

සිද්ධියට මුහුණ දුන් පාසල් ගුරුවරිය 14 වැනිදා සවස නවගත්තේගම ‍පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නවගත්තේගම ‍පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. 


එවැනි සිද්ධියක් තම විද්‍යාලය තුළ සිදු වූ බව නියෝජ්‍ය විදුහල්පතිවරයා මුලින් ‍පොලීසියට පවසා ඇති නමුත් පසුව ඔහු තම ප්‍රකාශය දිවුරුම් පෙත්සමක් මගින් ඉවත්කරගෙන ඇති බවද දැන ගන්නට ඇත.

සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අපි ඔහුගෙන් විමසා සිටියෙමු. ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ. වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්න ආසන්න කා‍ලේ එක එක අය හදන සුරංගනා කතා මෙව්වා. 


මම ඔය කියන පාසලට ගියා හරි ගුරුවරියව දණ ගැස්සුවා හරි කියලා ඔප්පු කළොත් මගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න මම සූදානම්” මන්ත්‍රීවරයා කියා සිටියේය.

නමුත් නවගත්තේගම ඉසුරු විද්‍යාලය ඉදිරිපිට පදිංචිකරුවකු පවසා සිටින්නේ පාසල අවසන් වී සුළු වේලාවකින් අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා කලබලයෙන් පාසල තුළට පැමිණි බවත් ඒ සමගම කුන හෝ කලබලකාරී තත්ත්වයක් පාසල තුළ ඇති බවක් තමන්ට පෙනී ගිය බවත්ය.


සිද්ධිය ‍පොලීසියට වාර්තා වීමෙන් පසුව ආණමඩුව සහකාර ‍පොලිස් අධිකාරිවරයා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස නවගත්තේගම ‍පොලීසියට උපදෙස් ලබාදී තිබුණි.


ඒ අනුව විමර්ශන කටයුතු සිදුකළ නවගත්තේගම ‍පොලීසියේ නිලධාරීන් සැකකාර මන්ත්‍රීවරයා කැබ් රථයකින් ගමන් කරමින් සිටින විට ආණමඩුව ආඩිගම ප්‍රදේශයේදී 15දා සවස අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව සැකකාර මන්ත්‍රීවරයාව ආණමඩුව ‍පොලීසියට රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.


පුත්තලම දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති කිත්සිරි ගනේගම මහතාගේ සහ පුත්තලම ‍පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ විශේෂ උපදෙස් මත නවගත්තේගම ‍පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

1 comments:

Anonymous said...

ඉල්ලා අස් වෙයන් පො##යා!!!!!

Post a Comment