Pages

Subscribe:

Ads 468x60px

දණ ගැස්සු ගුරුවරියට ජනපතිගෙන් ඇමතුමක්

සන්ධාන මන්ත්‍රීවරයකු විසින් ප්‍රසිද්ධියේ දණ ගැස්සු, නවගත්තේගම නවෝද්‍යා පැසැලේ ගුරිවරියක වන සුසිලා හේරත් මහත්මියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) උදැසන දුරකතන ඇමතුමක් ලබාදී ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන බවට ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී තිබේ.

තවද ජනාධිපතිවරයාගේ උපදෙස් මත වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා විසින් ගුරුවරියක දණගැස් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


දියණියගේ ගවුම දිගට ඇද ගෙන එන්නැයි උපදෙස් දුන් එම ගුරුවරිය පාසැලේදී දන ගැස් වූ මන්ත්‍රීවරයා, අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව නවගත්තේගම නවෝද්‍යා පැසැල ඉදිරිපට අද උදැසන උද්ඝෝෂණයක් ඇරඹිණි. පැසැල් සිසුහුද, ගුරුවරුද, ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝද උද්ඝෝෂණයට එක් වී පළාත් සභා මන්ත්‍රීගේ ක්‍රියාව හෙලා දකිති.

0 comments:

Post a Comment