Pages

Subscribe:

Ads 468x60px

"මන්ත්‍රීතුමා මාව දෙපාරක්‌ දණ ගැස්‌සුවා"- ගුරුතුමිය කියයි

පොල්ලක් රැගෙන ආ මන්ත්‍රීවරයා තමාට පරුෂ වචනයෙන් බැන වදිමින්, සිසුවියන් ඉදිරියේ දෙවරක් දණ ගැස්සු බව නවගත්තේගම ඉසුරු පාසලේ ශිෂ්‍ය නායකයන් භාර හා විනය භාර ගුරුවරිය වන  එච්. එම්. ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය පැවසුවාය.

'' අපේ විදුහලේ ශිෂ්‍ය නායක මණ්‌ඩලය මගින් පාසලට පැමිණෙන ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුමේ ප්‍රමිතිය සොයා බැලුවා. ඒ අතරින් නියමිත දිගට ගවුම් ඇඳ නොතිබූ ශිෂ්‍යාවන් කිහිප දෙනකුට විනය පියවර ගෙන අවවාද කිරීමට මා වෙත යොමු කළා. පාසලේ ශිෂ්‍ය නායක මණ්‌ඩලය භාරව ඉන්නෙත් මමයි.



එහිදී පාසල් ආපු සමහර සිසුවියන්ගේ ගවුම් කොටට තිබුණ බව මා දැක්‌කා. ඒ අනුව ඔවුනට අවවාද කර ශිෂ්‍ය නායක මණ්‌ඩලය දැනුවත්ව ඔවුනගේ ගවුම්වල වාටිය දික්‌ කළා. එම සිසුවියන් අතරේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාගේ දියණියත් සිටියා.

පසුව මේ විනය පියවර ගැන ආරංචිවෙලා මන්ත්‍රීතුමා පොල්ලක්‌ අරගෙන පාසලට ආවා. මට පරුෂ වචනයෙන් ප්‍රසිද්ධියේ බැන වැදුණා. මට දණ ගහන්න කිව්වා මම විනාඩි 5 ක්‌ විතර දණ ගසා සිට නැගිට්‌ටා. ඊට පස්‌සෙ ආයෙත් මට දණගහන්න කිව්වා'' යයි  සිද්ධියට මුහුණ දුන් ගුරුතුමිය එච්. එම්. ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය පැවසුවාය.

එම විද්‍යාලයේම සිසු සිසුවියන් ඉදිරියේ එසේ ගුරුවරිය දණගැස්‌සූ වයඹ පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා අද (17දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මන්ත්‍රීවරයා රිමාන්ඩ් කළ පසුව ගුරුවරියගේ නිවස අසලට පැමිණි දේශපාලන මැරවරයන් කිහිපදෙනකු ඇයට තර්ජනය කර බියගන්වා ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

0 comments:

Post a Comment