Pages

Subscribe:

Ads 468x60px

මෙගාපික්සල් 41 නොකියා කැමරා ෆෝන් එකක්

සුප්‍රසිද්ධ නොකියා සමාගම විසින් මෙගාපික්සල් 41ක කැමරාවක් සහිත ස්මාර්ට්ෆෝන් උපාංගයක් එළිදක්වා ඇතැයි වාර්තා වේ.

නොකියා ලුමියා 1020 ලෙස නම් කර ඇති මෙම උපාංගයේ කැමරාව භාවිතා කර සමීප දුරස්ථ රූප ගැනීමේදී (zooming) ඡායාරූපයේ ගුණාත්මක තත්ත්වයට කිසිඳු බාධාවක් සිදුනොවන බව එම සමාගම පවසයි.

මෙය, වෙළඳපොලේ ඇති විශිෂ්ටතම ස්මාර්ට්ෆෝන් කැමරාව බව මෙම කැමරාව භාවිතා කළ බැලූ විශ්ලේෂකයන් පවසා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.


කෙසේවෙතත්, මෙය නොකියා සමාගමක් විසින් සිය ස්මාර්ට්ෆෝන් උපාංගයකට මෙගාපික්සල් 41ක කැමරාවක් සවිකළ පළමුවතාව නොවේ.

පසුගිය වසරේදී නොකියා සමාගම විසින් පියෝවිව් 808 මාදිලියේ ස්මාර්ට්ෆෝන් උපාංගය වෙළඳපොලට නිකුත් කළ නමුත්, එය සිම්බියන් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වූ බැවින් එහි ඉල්ලුම සීමිත විය.

කෙසේවෙතත්, නොකියා ලුමියා 1020 මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වන අතර, මේ මෙහෙයුම් පද්ධති සඳහා ඇප්ස් 160,000කට අධික ප්‍රමාණයක් ද තිබෙන බැවින් එය සිම්බියන් මෙහෙයුම් පද්ධතියට වඩා ජනප්‍රිය වේ.

මීට අමතරව, උපාංගය හෝ අත සෙලවූවත් ඡායාරූපයේ තත්ත්වයට කිසිඳු හානියක් නොවන ලෙස මෙම කැමරාව නිමවා තිබීම මෙහි විශේෂත්වයයි.

නොකියා ලුමියා 1020 උපාංගය ජූලි 26 දා ඇමෙරිකාවේදී එළිදැක්වීමට නියමිත අතර, එහි මිල ඇමෙරිකානු ඩොලර් 300 (පවුම් 198) ක් වනු ඇත. කෙසේවෙතත්, මෙම උපාංගය චීනයේ හා යුරෝපීය රටවල් ගණනාවට පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේදීය.

0 comments:

Post a Comment