Pages

Subscribe:

Ads 468x60px

මම පල්ලි 22ක් කැඩුවා ඤාණසාර හිමි

මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ ආගමික ගැට‍ළු දුර දිග රැගෙන යාම නුසුදුසු බැවින් එය සමථයකට පත් කර ගන්නා ලෙසයි.

2008 වසරේ මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වූ බවට සාක්ෂි කරුවකු විසින් කොළඹ මහාධිකරණය හමුවේ පැවසුවේය.

එම දේවස්ථානයට පහරදීමේ සිද්ධියට අදාලව ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී එම දේවස්ථානයේ උපස්ථායකු ලෙස කටයුතු කළ රොෂාන් හෙන්රිකස් නමැති සාක්ෂිකරුවා විසිනුයි එම පිරිස හඳුනා ගනු ලැබුවේ.


සාක්ෂිකරු පැවසුවේ 2008 වසරේ ජුනි මස 6 වැනිදා උදෑසන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් තම දේවස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී දේව මෙහෙයයන් නතර කරන ලෙස තර්ජනය කළ බවයි.

ඥානසාර හිමියන් පරුෂ වචනයෙන් බැන වැදුන බව කී සාක්ෂි කරු තමා පල්ලි 22 ක් කඩා දමා ඇති බව උන්වහන්සේ පැවසුවේ යැයි ද කියා සිටියේය.

අනතුරුව ඥානසාර හිමියන්ගේ මෙහෙයවීම යටතේ රැස්ව සිටි 700 කට අධික පිරිසක් දේවස්ථානය ට පහර දී අලාභ හානි සිදු කළ බව සාක්ෂිකරු පැවසුවේය.මෙහිදී විනිසුරුවරයා යෝජනා කර සිටියේ මෙවැනි ආගමික ගැටළු දුර දිග රැගෙන යාම නුසුදුසු බවින් ඒවා සමථයකට පත් කර ගැනීම සුදුසු බවයි.

ඒ අනුව නඩු විභාගය අගෝස්තු මස 1 වැනිදාට කල් දැමූ අධිකරණය එදිනට නඩුව සමථයකට පත් කර ගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳව සාකච්ජා කොට අධිකරණයට දැනුම් දෙන මෙන් රජයේ සහ විත්ති පාර්ශ්වයේ නීතිඥයන්ට නියෝග කළේය.

0 comments:

Post a Comment