Pages

Subscribe:

Ads 468x60px

නිලන්තිගේ සැමියා කාර් වංචාවකට

හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ජපානයෙන් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් මත ජනප‍්‍රිය නිළියක් හා නර්තන ශිල්පිනියක් වන නිලන්ති ඩයස් ගේ සැමියා වන නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නැමැත්තාට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාවරෙන්තු නිකුත්කර ඇතැයි වාර්තා අප වෙත වාර්තා වෙනවා.

මෙලෙස වංචා කරන ලද මුදල මසකට රුපියල් 4,50,000 බැගින් මාස හයක් තුළ ගෙවීමට අධිකරණයේදී වූ ‍පොරොන්දුව මත එහි වාරිකය ගෙවීම සඳහා නියමිතව තිබූ පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත්කර තිබෙනවා.

සැකකාර ක්‍රිෂාන්ත රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහාර සිටි බවද පැවසෙනවා. අදාල ඇපකරුවන්ටද අදිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

විජේසිංහගේ නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නමැත්තා නො. 59/6 ඒ, වීරමාවත, කළල්ගොඩ පාර, පන්නිපිටිය යන ලිපිනයෙහි පදිංචිකරුවෙක් බවද අධිකරණයේදී හෙළිවිය.

මෙහි පැමිණිලිකරු වූයේ නො. 68, ජේ. ටොරින්ටන් මහල් නිවාස, ටොරින්ටන් මාවත කොළඹ 5 ලිපිනයෙහි පදිංචි අත්තනායක මුදියන්සේලාගේ තිස්ස කුමාර අත්තනායක නමැත්තෙකි.


පැමිණිලිකරු විසින් කොළඹ වංචා විමර්ශන අංශයේ ඒකක අංක 9 ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක වනිගතුංග මහතා වෙත මෙම සිද්ධිය පැමිණිලි කර තිබූ අතර සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් ජුනි මස 6 වැනිදාය.


එහිදී සැකකරු විසින් වංචා කරන ලදැයි කියන රුපියල් ලක්ෂ 26ක මුදල මසකට රුපියල් 450,000 බැගින් මාස හයක් තුළ ආපසු ලබාදීමට පොරොන්දු වී තිබේ.


2012.09.20 දින හෝ ඊට ආසන්න දිනකදී සැකකරු විසින් ජපානයෙන් ගෙන්වන ලද රුපියල් ලක්ෂ 45ක වටිනාකමට හයිබි‍්‍රඞ් වර්ගයේ කාර් රථයක් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් ලබාගෙන එම මුදල වංචනික ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 403 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ජපානයෙන් ගෙන්වන ලද මෙම මෝටර් රථය ඉතා සහනදායී මිලකට ලබාගැනීමට හැකි නිසාත්, සැකකරුගේ බිරිඳ වන රංගන ශිල්පිනියද ඉතා හොඳින් හඳුනන නිසාත් මෙම මුදල ඉකුත් වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා සිට වරින් වර සැකකරුගේ කළුතර පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවේ ගිණුමකට බැර කර ඇති බව පැමිණිල්‍ලේ පැමිණිලිකරු සඳහන් කර ඇත. මේ සිද්ධියට අදාළ නඩුව ලබන 22 වැනිදාට යළි කැදවීමටද නියම විය.


0 comments:

Post a Comment