Pages

Subscribe:

Ads 468x60px

මවගේ නිරුවත් පිළිරුව ගෙනයාමට පුතා පැමිණේ.

1930 දශකයේ ඇඹූ නිරුවත් කාන්තා පිළිරුවක් තම මව විසින් නිරූපණය කරන ලද බව සොයාගත් දරුවකු එය රැගෙන යාම සඳහා ඉදිරිපත් වීමේ පුවතක් ඇමරිකාවේ විස්කොන්සින්හි මිලාවුකී ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ඩොරති ඩිට්සල් නම් තරුණ කලා ශිෂ්‍යාවක් එම ප‍්‍රතිමාව වෙනුවෙන් නිරූපණය කර ඇති අතර පසුව විවාහ වූ ඇය ඩොරති හෙන්රික්ස් නමින් දිවි ගෙවා 1990දී මියගොස් තිබේ. 1940 දශකයේ මිලාවුකී පුවත්පත් වාර්තාවක සටහන් වී ඇත්තේ ‘ඒව’ ගේ පිළිරුවක් විට්නෝල් උද්‍යානයේ තැන්පත් කිරීමට නියමිත බවයි.


නමුත් එම නිරුවත් ප‍්‍රතිමාව දිගු කලක් එහි තබා නොමැති අතර ස්තී‍්‍ර නිරුවත එම යුගයට දැරිය නොහැකි වීම එයට හේතු වන්නට ඇතැයි පැවසේ.

ඉන් අනතුරුව දශක ගණනාවක් පුරා මිලාවුකී ප‍්‍රාන්ත උද්‍යාන ගබඩාවේ දිරාපත් වෙමින් තිබූ එය පිළිබඳව ජිම් ස්ටින්ගල් විසින් මෙයට සත් වසරකට පෙර ලිවූ වාර්තාවක් දුටු 61 වියැති භෞතවේදියකු වන ඩග් හෙන්රික්ස් තම මවගේ ප‍්‍රතිමාව තමන් දැනට ජීවත්වන ෆ්ලොරිඩාහි ලී කවුන්ටි ප‍්‍රදේශයට ගෙන යාම සඳහා අවසර ඉල්ලා තිබේ.

ඔහු පවසන්නේ තම මව ප‍්‍රතිමාවක් සඳහා නිරුවත් නිරුපණයක් කර ඇති බව අසා තිබුණත් ඒ ප‍්‍රතිමාව පිළිබඳව තමන් නොදැන සිටි බවයි.

ඩග් හෙන්රික්ස්ගේ ඉල්ලීමට ප‍්‍රාන්ත බලධාරීන් අවසර දේ යයි තවමත් සිතිය නොහැකි නමුත් ඔහුගේ උත්සහය මගින් එම ප‍්‍රතිමාව සුරක්ෂිත කොට ආවරණයක් යට තැන්පත් කිරීමට හැකිවනු ඇතැයි පැවසේ.

ජෙෆර්සන් ග‍්‍රීයර් නම් මූර්ති ශිල්පියාගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ‘ඒව’ ප‍්‍රතිමාව එවකට ඇමරිකාව මුහුණ දෙමින් තිබූ මහා ආර්ථික අවපාත සමයේ නිමැවුමක් ලෙස ගැනේ.

0 comments:

Post a Comment