Pages

Subscribe:

Ads 468x60px

‘පැකේජ ගණිකා සේවය’ සේමිණීගේ වෙබ් අඩවියේ දැන්වීමක්

පැකේජ් ක‍්‍රමයට තමන් ගණිකා වෘත්තියේ යෙදෙන බවටත් තවත් නවක නිළියන් කිහිප දෙනෙකුද මේ සදහා යොදා ගෙන ඇති බවටත් තම අපහැදිලි මුහුණ සහිත සේයාරුවක් ඇතුළු කොට සදහන් කරමින් ඇයගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් විසින් දැන්වීමක් පල කර ඇතැයි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නිළි සේමිණී ඉද්දමල්ගොඩ විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් කොට තිබේ.

මේ සිදුවීමෙන් තමන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇතැයි පැමිණිල්ලේ සදහන් කර ඇති අතර තම පවුල් ජීවිතයට විශාල ප‍්‍රශ්නයක් ඇති වී ඇති අතර තමන් විශාල මානසික ආතතියකටද ලක් වී ඇති බවද සදහන් කරයි.

පැමිණිලිකාරිය තමන් මේ මානසික රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ  වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත් බවද සදහන් කර ඇත. මේ අතර අදාල සැකකරු සොයා පරීක්‍ෂණ කරන බව අපාරධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයටද දැනුම් දී තිබේ.

0 comments:

Post a Comment