Pages

Subscribe:

Ads 468x60px

මම බලා ගන්නම් පොලිසියක්‌ අවශ්‍ය නෑ - මර්වින්

තම පුත්‍ර මාලක සිල්වාට පහර දීම පිළිබඳව එෆ්. එම්. ගුවන්විදුලියකට ඊයේ සවස ප්‍රකාශයක්‌ කළ මාලක සිල්වාගේ පියා වන ඇමැති මර්වින් සිල්වා මහතා මේ සිද්ධිය පිළිබඳව මහජනයා දන්නා දෙයක්‌ ඇත්නම් එය තමන්ට දන්වන ලෙසත් පොලිසියක්‌ අවශ්‍ය නැති බවත් සිද්ධිය පිළිබඳව තමන් බලා ගන්නා බවත් පැවසුවා.

මෙසේ ප්‍රකාශ කලේ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පු සංකීර්ණ භූමියකදී ඊයේ (29) සවස පිරිසක් විසින් කළ පහරදීමකින් බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන අවස්ථාවේදීය.
මාලක සිල්වා මහතාගේ මුහුණ ප්‍රදේශයට එම පහරදීමෙන් තුවාල සිදුවී ඇති බව උසස් ‍පොලිස් නිලධාරියෙක් අප කළ විමසුමකදී සඳහන් කළේය. ස්කෑන් පරීක්ෂාවකට පවා ඊයේ ඔහු යොමුකර ඇත. මාලක සිල්වා මහතා ඇමැති මර්විල් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්වරයාද වෙයි. 

මාලක සිල්වාගේ ආරක්ෂාවට සාමාන්‍යයෙන් ආරක්ෂකයින් සිටියත් ඊයේ ඔහුට පහරදෙන අවස්ථාවේදී කිසිදු ආරක්ෂකයෙක් සිට නැති බව ‍පොලීසිය සඳහන් කරයි. මාලක සිල්වා මහතාගේ විදෙස් ජාතික පෙම්වතිය එම අවස්ථාවේ ඔහු සමග සිටි බවට තොරතුරු ඇතැයි පොලීසිය කියයි. 

මාලක සිල්වා මහතා පැමිණි මෝටර් රථය නිමි ඇඳුම් සාප්පුවේ රථ ගා‍ලේ නතර කරනවාත් සමග වීදුරු අඳුරු කරන ලද කළු ඩිපෙන්ඩරයකින් පැමිණි හැඩි දැඩි පිරිසක් ඔහුව වටකර පහරදී තිබෙන බව ‍පොලීසිය සඳහන් කරයි. 

ඒ අය ටී ෂර්ට් කලිසම් හැඳ සිටි පිරිසකි.  මෙම පහරදීම කර ඇති ආකාරයට අනුව පෙනී යන්නේ ජීප් රථයෙන් පැමිණි පිරිස මාලක සිල්වා මහතාව හඹාගෙන විත් එහිදී පහර දී ඇති බව යැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

“උඹ ද මාලක කියන්නේ” ඒ පැමිණි පුද්ගලයෙක් තමන්ගෙන් විමසූ බව මාලක සිල්වා මහතා ‍පොලීසියට පවසා ඇත. “ඔව් ඇයි?” යනුවෙන් මාලක සිල්වා මහතා එහිදී ඔවුන්ට පවසනවාත් සමග “උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ” යැයි කියා ඇතැයි ‍පොලීසියට මාලක සිල්වා මහතා පවසා තිබේ.

එහිදී ඒ පිරිස මාලක සිල්වා මහතාව රථ ගාලෙන් මදක් ඈතට ගෙන යන්නට උත්සාහ දරා ඇත. එවිට මාලක සිල්වා ඔවුන් සමග රථ ගා‍ලේ පිටුපසට ගොස් කතා බහ කරන්නට සූදානම් වී ඇත. ඔහුට පහරදී ඇත්තේ එහිදී බව ‍පොලීසිය සඳහන් කරයි.


රථ ගාලෙන් මාලක සිල්වා මහතා ඉවත් කර එළිමහන් තැනට රැගෙන යාමට සූදානම් වූයේ ඇතැම් විට ඔහුව පැහැරගන්නට විය හැකි යැයි සැකයක් ද ඇති වී ඇත. මාලක සිල්වා මහතාට පහරදුන් ඒ පිරිස පැමිණ ඇත්තේ ව්‍යාජ අංක තහඩු යෙදූ වාහනයකින් බව ‍පොලීසිය සඳහන් කරයි. සටහන්ව තිබූ අංකය ඉහළම පෙළේ ප්‍රභූ ආරක්ෂක අංශයකට අයත් රථයක අංකයක් බවද ‍පොලීසිය පවසයි. 


නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයේ ඇති ආරක්ෂිත කැමරාවල මෙම පහරදීම සටහන් වී තිබෙන්නට හැකි බැවින් එම කැමරාවද පහරදුන් අය පැමිණි රථය සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට කොළඹ නගරයේ ආරක්ෂිත කැමරාවලින් ලැබෙන දර්ශනද පරීක්ෂාවට ලක්කරන බව ‍පොලීසිය සඳහන් කරයි.  

මාලක සිල්වාට පහරදුන් ස්ථානයේ වීදුරු බෝතලයක කැඩී ගිය කොටස් කිහිපයක්ද ‍පොලීසියට හමුවී ඇත. එම බෝතලයෙන් ද මාලකට පහර දී ඇතැයි ‍පොලීසිය සැක කරයි.

0 comments:

Post a Comment