බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතින්ම එක්වූ සාමාජිකයා වන ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් කුමරු ට ඔස්ට්‍රේලියාවෙන් අමුතුම තෑග්ගක් පිරිනැමි තිබේ. ඒ කිඹුල් පැටියෙකි. මේ කිඹුල් පැටියා කුමරු පිළිසිඳ ගත් බව ප්‍රකාශිත දිනයේ උපත ලද්දෙකි.
ඔස්ට්‍රේලියාවේ උතුරුකර පළාතේ මහා ඇමති ඇඩම් ගිලස් විසින් අසම සම තෑග්ගක් ලෙස හඳුන්වා ඇති මේ උරග පැටියාට ද තබා ඇත්තේ ජෝර්ජ් යන නාමයයි.
ගිල්ස් පවසා ඇත්තේ මේ කිඹුල් පැටියා බිත්තරයෙන් එළියට එන ලද්දේ කේට් හා විලියම් කුමරු විසින් දරුවකු පිළිසිඳගත් බව ලොව හමුවේ ප්‍රකාශ කළ ඉකුත් දෙසැම්බර් 3 දා බවයි.
මෙය සම්ප්රදානුගතව පිරිනමන ත්‍යාගයක් වන අතර කේට් හා විලියම් කුමරු විවාහ ගිවිස ගත් අවස්ථාවේදී ද අදාළ පළාතේ අග නගරය වන ඩාවින් නගරයෙන් ඔවුනට කිඹුලන් යුවලක් තෑගි දී තිබිණ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment