Pages

Subscribe:

Ads 468x60px

බස් වර්ජනය අවසන් - ගැමුණුට තර්ජන

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කළ සංකේත වර්ජනය අද පෙරවරු 9.30 ට අවසන් කරන බව එහි සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළේය.

තම සංගමයේ සාමාජිකයන්ට එල්ලවන තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් හිමියන්ට හිමි නීත්‍යනුකූල බස් ගාස්තු වැඩිකර ගැනීම සඳහා, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළේය.


මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ ප‍්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ද අද බස් ධාවනය ඇණහිට තිබිණ.

කුමන බාධා එල්ල වුවත් ඇතැම් බස් සංගම් බස් කර්මාන්තය පාවා දුන්නත් වර්ජනය අකුරටම ක්‍රියාත්මක කරන බව ඊයේ මාධ්‍ය හමුවේ පැවසු ගැමුණු විජේරත්න මහතා,  ප්‍රවාහන බලධාරීන් බස් හිමියන්ට නිසි කාලයේදී බස් ගාස්තුව දුන්නානම් මෙවැනි වර්ජනයක් ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් පැවැසීය.

කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනයට සහාය ලබානොදීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය තීරණය කර තිබිණ. වර්ජනය කිරීමේ හෝ නොකිරීමේ තීරණය බස් හිමියන් විසින් ගතයුතු බව එම සංගමයේ ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ, වර්ජනයේ නිරත වන පිරිස් බස් රථ සේවකයන් බස් කර්මාන්තයෙන්ම ඉවත් කිරීම සඳහා කාලය එළැඹ ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් පෞද්ගලික බස්‌ කර්මාන්තය වෙත සහන ලබාදෙන බවට පොරොන්දුවක්‌ දී තිබියදීත් ඊට සවන් නොදී බස්‌ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න "රාජ්‍ය විරෝධියෙක්‌" බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

0 comments:

Post a Comment