Pages

Subscribe:

Ads 468x60px

ශමින්දගේ කේතලේ මල්ල කියන කතා !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන්නෙකු වන ශමින්ද එරංග පරවියන්ට දැඩි ලෙස ඇළුම් කරන බව ඔහුගේ බිරිය සාවිත්‍රී ජයකොඩි පවසන්නීය. එරංගගේ ගෙදර පරවියන් 70 ක් පමණ සිටින බවත් පැවසේ.

ඔහු ගෙදර නිදහසේ ඇති විට පරවියන් අහසට මුදාහැර ඔවුන් දෙස බලමින් විනොදවන බවද ඇය කියන්නීය. ඒ වගේම පරෙවි කිරිල්ලියෝ බිත්තර දාන්න ඉන්නවනම් ඒ ගැනත් දන්නා බවද ඇය සදහන් කළාය.


ශමින්ද බිත්තරවලින් පරවි පැටවු එළියට එනවිට පැටවුන්ට එළියට එන්නට බිත්තරය ටිකින් ටික කඩා උදව් කරන බවත්, සාවිත්‍රි පවසන්නීය. පරවියන්ට කූඩු හදාගන්නත් කොටු කෑලි එකතුකර ශමින්ද උදව් කරන බවද ඇය පවසන්නීය.

ශමින්ද, සාවිත්‍රිව දැලේ දාගත්තේ සාවිත්‍රි කොළඹ සෞදර්ය විශ්ව විද්‍යාලයට අධ්‍යාපනය ලබන්නට යන විට බවද ඇය හෙලිකර තිබේ. කෙසේවවුද එකල ශමින්ද නවාතැන් ගෙන සිට ඇත්තේ සාවිත්‍රී කිරිබත්ගොඩ නවාතැන් ගෙන සිටි නිවස ආසන්නයේ බව පැවසේ.

සාවිත්‍රී ඇගේ ලොකු තාත්තාගේ නිවසේ නවාතැන් ගෙන සිට තිබේ.
ඇය මාතලේ කෙල්ලක් වන අතර, සාවිත්‍රී මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මාතලේ සංඝමිත්තා බාලිකාවෙනි.

0 comments:

Post a Comment