Pages

Subscribe:

Ads 468x60px

මාලකගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌

ආයුධ සන්නද්ධ නාඳුනන පිරිසක්‌ සැලසුම් සහගතව පහර දී තමාගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බව මාලක සිල්වා ප්‍රකාශ කරයි.

ඔහු එසේ පැවසුවේ කොළඹ සුපිරි රෙදිපිළි සාප්පුවක රථ ගාලේදී කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්‌වීමෙන් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අවස්‌ථාවේදීය.


ආයුධ සන්නද්ධ නාඳුනන පිරිසක්‌ සැලසුම් සහගතව පහර දීම මාගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්‌ ලෙස මා දකිනවා. හැම දෙනෙක්‌ගේම කථා බහට ලක්‌වෙලා තියනවා මම ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යනවා කියලා. 


නමුත් මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා ආරක්‍ෂක නිලධාරීන් කිසිවකු නැතිව මම තනියම සිටි බව. මමත් මේ රටේ ජීවත් වෙන්නේ සාමාන්‍ය පුරවැසියෙක්‌ විදියට.

නාඳුනන පිරිසක් තමන්ට සඳුදා (29දා) සවස කළ පහරදීම පිළිබඳ මාධ්‍ය වෙත ඒ මහතා මෙසේද කීවේය.

"ඔඩෙල් එකට මම සවස 3ට විතර ගියා. 3.30 වෙනකං විතර ඉඳලා මම ආපහු එන්න වාහනයට ඇවිත් ‍ෙදාර අරින්න යද්දී නාඳුනන පිරිසක් මගේ වාහනය ළඟට ආවා. ඇවිත් 'ඔයාද මාලක' කියල මගෙන් ඇහුවා. මම එතකොට 'ඔව්' කියල කිව්වා. 


ඊට පස්සෙ මගෙ අතින් අල්ලාගෙන ඔවුන් සමඟ යං කියල කිව්වා. එතකොට මම ඒ අයත් එක්ක පොරබැදුවා. මොකද මට ඒගොල්ල එක්ක යන්න ඕනකමක් තිබ්බෙ නැහැ. මම හිතුවා මම ගියානම් මාව මරයි කියල."

කොහොමහරි මම අනිත් පැත්තට දුවන්න යද්දී එක්කෙනෙක් බෝතලයකින් මගේ ඔළුවට ගැහුවා. එතකොට මම දැක්කා ඒ අයගේ අත්වල ආයුධ තියෙනවා. පිස්තෝල, යකඩ පොලු, වීදුරු බෝතල් වගේ දේවල් වලින් මට පහර දුන්නා.

ආයුධ සන්නද්ධ නාඳුනන පිරිසක් සැලැසුම් කර කළ පහරදීම මගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බව මා කියනවා. තව දෙයක් මා කිව යුතුයි. ඒ තමයි මුළු රටේම කතාවක් තියෙනවා මම යන හැම තැනම 'බොඩිගාඩ්ල' අරන් යනවා කියලා. මේ සිද්ධියෙන් පෙනුණා මම බොඩිගාඩ්ල නැතිව එතැනට තනියෙන් ගියපු බව. තනියෙන් හිටපු මට තමයි 12 දෙනෙක් ඇවිත් ආයුධත් එක්ක ගහන්නෙ.

1 comments:

Unknown said...

marapiya oya kalakanniyawa

Post a Comment