Pages

Subscribe:

Ads 468x60px

බුද්ධගයාව යළි විවෘත වෙයි

පසුගියදා බෝම්බ පිපිරුම් කිහිපයක්ම සිදුවූ බුද්ධගයාව ඊයේ (08) සවස යළි මහජනයාට විවෘත කර තිබෙනවා.

ඊයේ ප.ව. 6.00ට බුද්ධගයා පූජා භූමිය යළි විවෘත කිරීමත් සමග දහස් සංඛ්‍යාත බැතිමතුන් ඒ වෙත පැමිණ ඇතැයි බුද්ධගයා කළමනාකාර කමිටු සාමාජිකයෙකු වන අරවින්ද් සිං පැවසූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරනවා.

බිහාර් පොලිසිය හා බුද්ධගයා ආරක්ෂක අංශ විසින් පූජා භූමිය දැඩි ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය මහජනයාට විවෘත කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



මීට කලින්, ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය ඇතුළු රටවල් 50ක භික්ෂූන් විසින් සාමය ප්‍රාර්ථනා කරමින් පැයක් පුරාවට බුද්ධගයාවේදී විශේෂ ආගමික වතාවත් වල නිරත වී ඇතැයි ද විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වෙනවා.

පසුගිය 07දා බුද්ධගයාවේ සිදුවූ පිපිරීම් දහයකින් භික්ෂූන් වහන්සේලා දෙනමකට තුවාල සිදුවිය.

0 comments:

Post a Comment