Pages

Subscribe:

Ads 468x60px

කරීනාගේ සැමියා ප්‍රීති ගැබිනියක් කරලා ?

රංගන ශිල්පී සයිෆ් අලී ඛාන් නිසා රංගන ශිල්පනි ප‍්‍රිති සින්ටා තවත් වරක් ගැබ්ගෙන ඇත්දැයි බොලිවුඩයේ රාවයක් පැතිර යමින් තිබේ.

ඊට හේතුව සයිෆ් අලී ඛාන්ගේ චිත‍්‍රපට නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කෙරෙන නවතම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහාද ඔවුන් දෙදෙනා තෝරාගෙන සිටීමයි.


මීට පෙරද චිත‍්‍රපට දෙකකදී ඔවුන් පෙම්වතුන් ලෙස මුණගැසී ඇත.ඒ,” ක්්‍යා කෙහෙනා සහ සලාම් නමස්තේ ” යන චිත‍්‍රපටවලදීයි. එම චිත‍්‍රපට දෙකේදීම ඒවායේ කතාවන්ට අනුව ප‍්‍රිති සින්ටා සයිෆ් අලී ඛාන් නිසා ගැබ් ගත්තේය.

ඔවුන් දෙදෙනා නැවතත් මුණගැසෙන නවතම චිත‍්‍රපටයේදීද එවැන්නක්ම සිදුවීමට බොහෝදුරට ඉඩ තිබෙන බව බොලිවුඩයේ පැතිර යන රාවයන්ගෙන් කියැවේ.

කෙසේ වෙතත් සැබෑ ජීවිතයේදී පි‍්‍රති සින්ටා තවමත් එක්වරක්වත් ගැබ් ගෙන හෝ විවාහ වී නොමැත. සයිෆ් අලී ඛාන් පළමු විවාහයෙන් වෙන් වූ අතර දැන් තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන කරිනා කපූර් සමග විවාහ වී සිටියි.

0 comments:

Post a Comment