Pages

Subscribe:

Ads 468x60px

ගුරුවරිය දකින කොට මරන්න හිතෙනවලු

නවගත්තේගම නවෝද්‍යා විදුහලේ ගුරුවරියක් වූ සුසිලා හේරෙත් මහත්මිය දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා යළිත් වරක් ගුරුවරියට සහ ඇගේ සැමියා මරා දමන බවට වෙනත් ස්ථානයකදී පවසා ඇති බවත්, එමනිසා තම ජීවිතය අවදානම් තත්වයට මුහුණදී ඇති බවත් පවසා එම ගුරුවරියගේ සැමියා නවගත්තේගම පොලීසියට පැමිණිලි කිරීමත් සමග පොලීසිය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.

හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා ඔහුගේ ඥාති නිවසකදී පවසා ඇත්තේ ගුරුවරිය සහ ඇගේ සැමියාව දකින විටත් මරා දැමීමට හිතෙන බවටයි.


මේ බව දැනගැනීමෙන් පසු ගුරුවරියගේ සැමියා නවගත්තේගම පොලීසියට කළ පැමිණිල්ලට අනූවල හිටපු මන්ත‍්‍රීවරයාව පොලීසියට කැඳවා ප‍්‍රශ්න කළ බව නවගත්තේගම පොලීසිය පවසයි.

එම පැමිණිල්ල දමා ඇති බව දැනගත් හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා වහාම නවගත්තේගම පොලීසියට පැමිණල ලබන 25 වැනිදා ගුරුවරිය සම්බන්ධ නඩුව ආණමඩුව අධිකරණයේදී විභාගවීමට නිසා සිතා මතා තමා අපහසුතාවට පත්කිරීමටත්, තමන්ගේ දේශපාලන ගමන නවතා දැමීමටත් කණ්ඩායම් යොදා කුමන්ත‍්‍රණ කරන නිසා තමන්ටද දැඩි අවදානමක් ඇති බව පවසා පොලීසියට පැමිණිලි කර තිබේ.

මේ අතර සිද්ධියට මුහුණදුන් ප‍්‍රියානි සුසිලා ගුරුවරියද තමන්ට මරණ තර්ජන ඇති බව පවසා නවගත්තේගම පොලීසියට මෙයට පෙර දී පැමිණිලි කර තිබිණි.

0 comments:

Post a Comment