Pages

Subscribe:

Ads 468x60px

කතුන්ගේ නිරුවත බලන්න ත්‍රිරෝද රථවල කණ්‌ණාඩි හරවලා

රිරෝද රථවල ගමන් ගන්නා තරුණියන්ගේ සහ කාන්තා වන්ගේ අඟපසඟ නැරඹීමට එම රථ තුළ ඇති කණ්‌ණාඩි සූක්‍ෂම ලෙස හරවාගෙන සිටි ත්‍රිරෝද රථ රියෑදුරන් 20 දෙනකු අත්අඩංගුවට ගැනීමට මතුගම මූලස්‌ථාන පොලිසිය සමත් විය.

කොට සායක්‌ හෝ ගවුමක්‌ හැඳ ත්‍රිරෝද රථයට කුලී ගමන් යැමට ගොඩවන තරුණියන්ට නොදැනෙන ලෙස සිය ත්‍රිරෝද රථ තුළ ඇති කණ්‌ණාඩි තුළින් නරඹා අනෙක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් සමග කයිවාරු ගසන ත්‍රිරෝද රථ රියෑදුරන් කීපදෙනකු මතුගම නගරයේ ත්‍රිරෝද රථ ගාල්වල සිටින බවට කීපදෙනකුගෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් කොටුකරගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනෙක්‌ ත්‍රිරෝද රථයේ අභ්‍යන්තරයට පැති කණ්‌ණාඩි සවි කරන්නේ කුමන කාරණයකට දැයි ප්‍රශ්න කිරීමේදී ඔවුන් නිරුත්තර වී යෑයිද පොලිසිය කීය.

සැකකාර ත්‍රිරෝද රථ රියෑදුරන් පොලිස්‌ ඇප මත මුදාහැරියද ඔවුන් ලබන 08 වැනිදා මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.

0 comments:

Post a Comment