පාඨමාලාව පැය එකසිය පනහක්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා විසින් එහි තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවක පැය එකසිය පනහක කාලයක් සඳහා බාහිර කථිකාචාර්යවරයකු ලෙස තමාවම පත්කර ගනු ලැබ ඇත.
"හිතවත් කරුණාරත්න මහතාණෙනි, මෙම පාඨමාලාවේ බාහිර කථිකා චාර්යවරයකු වශයෙන් ඔබ පත් කරන බව සතුටින් දැනුම් දෙන්නේ" යෑයි මෙම පත් කිරීමට අදාළව උපකුලපති ආචාර්ය කරුණාරත්න මහතා සිය අත්සනින්ම නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.
මානව ශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ දෙවැනි වසර සිසුන් සඳහා පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා පීඨ මණ්‌ඩලයේ හෝ සනාථන සභාවේ හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ අනුමැතිය ලැබී නැතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
පාඨමාලාවේ දේශන කළ යුතු පැය ගණන පැයකට ගෙවන මුදල මෙන්ම විශ්ව විද්‍යාලයේ සිට ඊට සහභාගී වීම සඳහා අවශ්‍ය වන ප්‍රවාහන වියදම් ගෙවන ආකාරය සම්බන්ධයෙන් උපකුලපතිවරයා තමාට නිකුත් කරගෙන ඇති ලිපියේ සඳහන් වේ.
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment