Pages

Subscribe:

Ads 468x60px

නාවිකයන් 18 දෙනා සොයා දැවැන්ත මෙහෙයුමක්

ළඟදි නවීකරණය කරන ලද ඉන්දීය සබ්මැරිනයක් ඊයේ අලුයම මුම්බායි වරායේ දී පුපුරා ගිලී ගිය බව අප වෙත වාර්තා වුනා. එම නෞකාවේ ගමන් ගත් නැවියන් 18 දෙනා සොයා ගැනීමට සහන සේවකයන් ක්ෂණික මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

අයි .එන්. එස්. සින්දුරක්ෂාක් නැමැති මේ සබ්මැරීනය රුසියාවේ දී නවිකරණය කිරීමෙන් පසුව ඉන්දියාවට බාර දී ඇත්තේ වසරකට පෙරයි. මධ්‍යම රාත්‍රිය ගෙවී යාමත් සමඟ සබ්මැරීනය පුපුරා ගොස් අහස ඒකාලෝක වූ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් කර
තිබෙනවා. මුම්පායි වරාය තාවකාලිකව වසා තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නැතැයි නාවුක හමුදා ප්‍රකාශක නරේන්ද්‍ර කුමා විස්පුටි ප්‍රකාශ කර
නවා. කිමිදුම්කරුවන් විපතට පත් සබ්මරීනයේ ගමන් ගත් නැවියන් සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර තුවාල ලැබුවන් හෝ මිය ගිය අය පිළිබඳ මෙතෙක් තොරතුරු ලැබී නැත.
මුම්බාහි නවාල් වරායේ ඇතුළත සාමාන්‍ය දර්ශනයක්

සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට නාවුක හමුදාව විසින් විශේෂ මණ්ඩලයක් පත්කර තිබෙනවා. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ගුවන් යානා රැගෙන යාහැකි නෞකාවක් දියත් කිරීම පිළිබඳව ඉන්දියාව මහත් අභිමානයෙන් ලොවට තොරතුරු හෙළි කළේ දින කිහිපයකට පෙරයි .

වසර 2010 දි විසාකාපට්ටම් වරායේ නැංගුරම් ලා තිබූ අවස්ථාවේදීත් සින්දුරක්ෂාක් නෞකාව ගිනි ගැනීමට ලක් වී
තිබෙනවා. එම අනතුරෙන් 24 හැවිරිදි එක් නැවියෙක් මිය ගිය අතර තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. කලාපීය බලවතෙක් වන චීනයෙන් එල්ල වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ඉන්දියාව ද සිය යුද ශක්තිය වැඩි දියුණු කිරීමේ මෙහෙයුමක නිරතව සිටිනවා.
ඉන්දියාවේ මුම්බායි වරායේ දි සබ්මැරීනයක් පිපිරී ගිය අවස්ථා‍වේ දි අහස ඒකාලෝක වු ආකාරයයි මේ
 
මේ අතර INS Sindhurakshak නම් වූ සබ්මැරිනය භාගයක් ගිනි ගැනීමෙන් ගිලී ඇති අතර කොටසක් මේ වනවිට ජලයෙන් මතුපිට තිබෙන දක්නට ලැබෙන බව අප වෙත වාර්තා වෙනවා.

පිපිරීමෙන් පසු නාවිකයක් කොටසක් එයින් එලියට පැනගන ඇති අතර තවත් නාවිකයින් 18 දෙනෙකු පමණ සිරවී බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.
රුසියාවෙන් මිලදී ගත් මෙම සබ්මැරීනය 2010 වසරේද ගිනි ගැනීමකට ලක්වූ අතර එයින් එක් නාවිකයෙක් මියගියා. පසුව එය රුසියාවට යැවූ අතර පිළිසකර කර වැඩි දියුණු කිරීමෙන් පසු ඉන්දියාවට පැමිණියේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

වැඩි දියුණු කළ සබ්මැරීනයට රුසියාවේ නිෂ්පාදිත Club-S කෲස් මිසයිල අන්තර්ගත කර තිබෙනවා. මෙය න්‍යෂ්ටිය සබ්මැරීනයක් නොවන අතර ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන්නකි.

ඉන්දියාව විසින් තම රට නිෂ්පාදිත න්‍යෂ්ටික සබ්මැරීනයක් හා ගුවන් යානා ධාවක නෞකාවක් දියත් කර දින කිහිපයකට පසුව වූ මෙම සිදුවීමත් සමඟ ලොව පුරා යුධ විශේෂඥයන්ගේ අවධානය මේ වනවිට ඉන්දියාව දෙසට යොමු වී තිබෙනවා.

0 comments:

Post a Comment