Pages

Subscribe:

Ads 468x60px

පිළිස්‌සුම් තුවාල වලට තිලකේ වෙද මහතා අමතන්න

ශරීරයට ඇසිඩ් වර්ග වැටීමෙන් සිදුවෙන පිළිස්‌සුම් තුවාල හැර විවිධ අනතුරුවලින් සිදුවෙන පිළිස්‌සුම් තුවාල තෙල් බෙහෙත් ගා සාත්තු කර මාසයක්‌ ඇතුළත සුවපත් කරන දේශීය වෙදැදුරෙක්‌ පිළිබඳව කැකිරාව නීකිණියාව ගමෙන් වාර්තා වේ.

සිය පිය පරම්පරාවෙන් මෙම හාස්‌කම් සහිත වෙදකම තමන්ට හිමිව ඇති බව නීකිණියාවේ පදිංචි ආර්. එම්. දයාරත්න මහතා පැවසීය. හෙතෙම තිලකේ වෙද මහතා යනුවෙන් ප්‍රසිද්ධය.


කුප්පි ලාම්පු සහ වෙනත් උපකරණ වලින් සිදුවන දැඩි පිළිස්‌සුම් තුවාල ලබන පුද්ගලයන් වේදනාවෙන් දින ගණන් පසුවුවත් තිලකේ වෙද මහතා ළඟට එන ඕනෑම අසාධ්‍ය ලෙඩෙකුට තෙල් බෙහෙත් ගා සාත්තු කළ පසු විනාඩි විස්‌සකින් පමණ වේදනාව හැර සුවයක්‌ ගෙනදීම පුදුමය දනවන්නකි.

අධික ලෙස පිළිස්‌සුම් තුවාල ලබා සුවය ලැබූ කැකිරාව ඩිපෝව පාරේ පදිංචි හේම කන්නන්ගර මහතා සිය අත්දැකීම් මෙලෙස විස්‌තර කළේය.

"මම වැඩ කළ ලොරි රථයේ රේඩියේටර් මූඩිය ගලවද්දී රත් වූ වතුර උඩට ඇවිත් ශරීරයේ උඩුකය කොටස පිළිස්‌සුණා. දැඩි වේදනාවෙන් සිටි මා රෝහලට ගියත් බෙහෙත් පෙති පමණයි බොන්න දුන්නේ. හම ගැලවිලා වේදනාව අඩුවුණේ නැහැ. 


මම තිලකේ වෙද මහතා ගැන දැනගෙන සිටියා. මම ටිකට්‌ කපාගෙන වෙද මහතාගේ ගෙදර ගියා. වේදනාවෙන් පසුවුණු මා තිලකේ වෙද මහතා විසින් කෙසෙල් කොළ මත තබා පිළිසුම් ස්‌ථානවල තෙල් අතුරලා මැතුරුවා. හරිම පුදුමයි විනාඩි විස්‌සකින් වේදනාව අඩුවුණා. සති තුනකින් තුවාල සුව වුණා.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ තිලකේ වෙද මහතා - "මම පළමුව කියන්න ඕනේ මම මේ වෙදකම කරන්නේ මුදල් බලාපොරොත්තුව නෙමේ. මේ වෙදකම සඳහා මම යොදාගන්නේ අපේ රටේම තිබෙන ශාක වර්ග සහ මීතෙල්, තලතෙල්, පොල්තෙල්. මේ වෙදකම අපේ පිය පරම්පරාවෙන් පැවත එන එකක්‌. 


මුදල් බලාගෙන වෙදකම් කරන්නේ නැහැ. තෙල් බෙහෙත්වල වියදම විතරයි ගන්නේ. ඕනෑම අයකුගේ පිළිස්‌සුම් තුවාලයක්‌ විනාඩි විස්‌සකින් තෙල් බෙහෙත් ගා සාත්තු කළාම වේදනාව අඩු වෙනවා. ළමයකුගේ තුවාල දින විසි එකකින් සම්පූර්ණයෙන්ම සුවය ලබා දෙනවා. 

වැඩිහිටියකුට නම් දින තිහක්‌ යනවා. ගිනි සැර වැදී ශරීරයේ අභ්‍යන්තර තැම්බීමක්‌ සිදුව ඇත්නම් එම ලෙඩා සුවපත් කරන්න අමාරුයි. පිළිස්‌සුම් තුවාල ලබා රෝහල් වලට වෙලා වේදනාවෙන් පසුවෙන්න එපා. ඒ අය මට සුවපත් කරන්න පුළුවන්.

මේ වන විට පිළිස්‌සුම් තුවාල ලබා යම් පුද්ගලයකු වේදනාවෙන් පසුවන්නේ නම් තිලකේ වෙද මහතා අමතන්න. 025-5681130, 071-3150031 අමතන්න. පැමිණ හමුවෙනවා නම් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය අසලට පැමිණ නීකිණියාව ගම්මැද්දට එන්න.

0 comments:

Post a Comment