Pages

Subscribe:

Ads 468x60px

අනර්කලී ආකර්ෂා පින්නවල අලි පස්සේ...

දේශපාලන අලින්ගේ පිනුම් ගැන රටම කතා වෙන අස්සේ අනර්කලී ආකර්ෂා පින්නවල  අලි පස්සේ ගිහින්. 

එක එක වැඩ අතරේ පහුගියදාක ලැබුණු විවේකය ප්‍රයෝජනයට අරගෙන ‘අනර්’ අලි බලන්න ගියේ ඉස්සර ඉඳලම අලින්ට තියෙන ආසාව නිසාලු. 

අලි එක්ක සෑහෙන වෙලා ගත කරපු ‘අනර්’ අලින්ට කෑම දීලා සතුටු කරල විතරක් නමෛයි. අලි එක්ක විවිධ ඉරියව්වලින් පින්තුරත් ගොඩක් ගත්තලු. 


රන්ජන් රාමනායක දේශපාලන ‘අලියා’ විසින් ‘වන්ෂොට්’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට හඳුන්වා දුන්නු අනර්කලී ළඟදී රන්ජන් එක්ක අලි ගෝරියක්” දාගත්තනේ. 

දැන් ඒ දෙන්නා තරහයි. ඒ වගේ අලි ගෝරි මැද්දේ පින්නවල අලි හුරතල් බලන්න අනර්කලී ආකර්ෂා ගිය එක ගැන පින්නවල අලි නම් සතුටු වෙන්න ඇති.

0 comments:

Post a Comment