Pages

Subscribe:

Ads 468x60px

කටුනායක අධිවේගය වැඩ නිමයි… වේගය පැ.කි.මී.100 යි

මේ වන විට කි. මි.  25 පමණ දිගින් යුත් කොළඹ  කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇතැයි වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති නිර්මල කොතලාවල මහතා පැවසීය. මාර්ගය දෙපස අලංකාර කිරීම හා සේවා සපයන  ස්ථාන ඉදිකිරීමේ කටයුතු මේ වන විට කරගෙන යන බවද ඇමති කොතලාවල මහතා ප‍්‍රකාශ කළේය.

අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ප‍්‍රවේශපත‍්‍ර කවුළු ඉදිකිරීම අදියද අවසන් කර ඇති බව කී ඇමති  කොතලාවල මහතා මාර්ගයේ වීදි පහන සවිකිරීමද නිමකර ඇති බව පැවසීය.


ඒ අනුව මාර්ගය විවෘත කිරීම ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන මස අගදී පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීය.

කොළඹ  කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් මංතීරු හතරකින්ද තවත් කොට්සක් මංතීරු හයකින්ද සමන්විත වේ.

නව කැළණි පාලම පෑලියගොඩ කෙරවලපිටිය ජා ඇල සහ කටුනායක අතර අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහක් ඉදි කර ඇති අතර කොළඹ  සිට කටුනායක දක්වා ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 20 කි.

දකුණු අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ  කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමන් කළ හැකි උපරිම වේග සීමා පැයට කි. මි. 100 ක්  බව ඇමතිවරයා පැවසීය.

0 comments:

Post a Comment