Pages

Subscribe:

Ads 468x60px

ක්‍රිකට්‌ වල ආත්ම ගරුත් වය කෙළෙසු සුරතලුන් කාගේද.?


ඔවුන්ට එරෙහිව කිසිදු පරීක්‍ෂණයක්‌ නෑ...

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අගය කිරීම වෙනුවෙන් ඉකුත්දා පැවැති ක්‍රිකට්‌ සම්මාන උළෙලේදී ක්‍රිකට්‌ ආයතනය සහ එහි බලධාරීන්ව හාස්‍යයට ලක්‌වන ජවනිකා දෙක ඇතුළත් කිරීම අහම්බෙන් සිදු නොවූවක්‌ බවත්, එය ඉතාම සැලසුම් සහගතව කරන ලද්දක්‌ බවත් දැන් දැන් අප වෙත වාර්තා වෙනවා.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය දේශපාලන බලපෑම් මත පාලනය වන්නක්‌ බව මුළු රටම දන්නා කරුණක්‌ බැවින්, මෙවැනි ආකාරයේ විවේචනාත්මක විශේෂාංග ඇතුළත් කිරීම හරහා එය යම්තාක්‌ දුරට තුරන් කර ගැනීමේ අභිප්‍රාය ඇතිව අදාළ විශේෂාංග දෙක ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් වෙනවා.

එය එසේ නොවන්නේ නම් සම්මාන උළෙල පැවැත්වීමට ප්‍රථම පවත්වන ලද පෙර පුහුණුවීම් සැසි අතරතුරදී ඇස්‌ රතුවන ආකාරයේ විශේෂාංග ඉවත් කිරීමට සංවිධායකයන්ට ඕනෑ තරම් අවස්‌ථාව තිබුණද එය එසේ සිදු නොවිණි.


මෙම සම්මාන උළෙලේ සංවිධාන කටයුතු සිදු කරන ලද ෂෝ ටවුන් එන්ටර්ටේන්ට්‌මන්ට්‌ නමැති ආයතනය පවසන ආකාරයට ක්‍රිකට්‌ ආයතනයේ හෝ ක්‍රිකට්‌ නිලධාරීන්ගේ ඇස්‌ රතුවන ආකාරයේ විශේෂාංග ඔවුන්ගේ සැලසුමට අනුව නොතිබුණු බවත්, සංවිධායකයන්ගේ දැඩි ඉල්ලීම මත ජිප්සීස්‌ නායක සුනිල් පෙරේරාගේ 'ලංකාවේ අපේ ලංකාවේ' යන ගීතය සහ 'පුස්‌වෙඩිල්ල' නාට්‍යයද ඇතුළත් කිරීමට පියවර ගත් බවත් සඳහන් කර සිටියා.

අදාළ සම්මාන උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ සියලු සාකච්ඡාවන් ක්‍රිකට්‌ ආයතන ලේකම් නිශාන්ත රණතුංග මහතා සහ ඔහුගේ ඥාතියකු යෑයි සඳහන් වන අළෙවිකරණ කළමනාකරු වජිර දසනායක, ඔහුගේ ලේකම්වරිය වන ගයාත්‍රි වික්‍රමසිංහ යන අයගෙන් සැදුම්ලත් කමිටුව විසින් භාරව කර තිබෙන අතර ඔවුන් තිදෙනා මේ පිළිබඳව පූර්ණ අවබෝධයකින් පසුවූ බවද සඳහන්
වෙනවා.

ක්‍රිකට්‌ ආයතන තොරතුරුවලට අනුව මෙම විශේෂාංග දෙක ඇතුළත් කර ඇත්තේ එහි ලේකම්වරයා වන රණතුංග මහතා නොමැති අවස්‌ථාවක වන බවත්, එහිදී රජය, ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, ක්‍රිකට්‌ බලධාරීන් සහ ක්‍රිකට්‌ ආයතනය උපහාසයට ලක්‌ කරමින් එම විශේෂාංග ඇතුළත් කිරීම වජිර දසනායකගේ සහ ඔහුගේ ලේකම්වරිය වන ගයාත්‍රි වික්‍රමසිංහගේ අභිමතය පරිදි සිදුවී තිබෙන බවත් අනාවරණය
වෙනවා

මෙම තත්ත්වය තවදුරටත් තහවුරු වන්නේ අදාළ උත්සවය අවසානයේ ක්‍රිකට්‌ භාණ්‌ඩාගාරික නුස්‌කි මොහොමඩ් මහතා විසින් කරන ලද ස්‌තූති කතාවේදී විශේෂ ස්‌තූතියක්‌ වජිර දසනායකට සහ ඔහුගේ ලේකම්වරිය වන ගයාත්‍රි වික්‍රමසිංහට පිරිනැමීමෙන්ය.

ක්‍රීඩකයකුගේ සහ ක්‍රිකට්‌ නිලධාරියකුගේ ආත්ම ගරුත්වය කෙළෙසෙන අයුරින් මෙම සම්මාන රාත්‍රිය සංවිධානය කරන ලද පිරිසට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වෙනු ඇතැයි සඳහන් වූවත්, දේශපාලන හයියක්‌ ගෙන ක්‍රිකට්‌ ආයතනයට පැමිණ සිටින බලවතකුගේ සුරතලුන් දෙදෙනකු බවට පත්ව සිටින බව කියන වජිර දසනායකට සහ ඔහුගේ ලේකම්වරිය වන ගයාත්‍රි වික්‍රමසිංහට එරෙහිව කිසිදු පරීක්‍ෂණයක්‌ නොපැවැත්වෙනු ඇතැයි මේ පිළිබඳව තතු උදවිය සඳහන් කර සිටිති.

0 comments:

Post a Comment