Pages

Subscribe:

Ads 468x60px

X-Files පුස් ෆයිල් බවට පත් කල පිටසක් වල ජීවීන්

පිටසක් වලින් ආ යානා දුටු බවට වාර්තා ලෝකය පුරා තදින්ම පැතිර යන්නට වූයේ 18 වැනි සියවස අගභාගයේදී පමණ සිටය. 

අමුතු හැඩැති, ඉතා අධික වේගයෙන් පියාසර කරන කිසිදු හඬක් නොනගන, අධික දීප්තියකින් යුතු හිටිඅඩියේ නොපෙනී යන ආදි මෙකී නොකී ගුප්ත ලක්ෂණ රැගත් මේ යානාවන් ගැන කතා හේතුවෙන් පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණ ඇතුළත් චිත්‍රපට, නවකතා, ටෙලි නාට්‍ය ආදියද බිහි වූයේය. 

ලෝකය පුරා බුරුතු පිටින් වාර්තා වන්නට වූ පිටසක් වලින් ආ යානාවන්
පිළිබඳ වඩාත්ම අවධානය යොමු කළේ ඇමෙරිකාවයි. ඔවුන් මේ පිළිබඳව කෙතරම් උනන්දු වූවාද යත්, එකී යානා හැඳින්වීමට හඳුනා නොගත් පියාසර වස්තූන් යන නමද භාවිත කළේය. 


1953 පමණ සිට භාවිතයට ආ මෙකී නමින් අදහස් කළේ ‘දැනට දක්නට ඇති දන්නා කියන කිසිදු යානයකට උපකරණයකට සමාන නොවන සහ විස්තර කර දිය නොහැකි වස්තූන්’ යන්නය.

ඇමෙරිකානු ගුවන් හමුදාවට හා සී.අයි.ඒ. ආයතනයට සම්බන්ධ වෙනම අංශයක් 1953දී පමණ විවෘත වූයේ මෙකී පිටසක්වල යානා දුටු බවට වන වාර්තාවන් පිළිබඳ විමසා බැලීමටයි. 


එය නිල්පොත් ව්‍යාපෘතිය ලෙසින් නම් කෙරුණි. පසුකාලීනව මේ ආශ්‍රිතව සිදුවූ සොයා ගැනීම් අඩංගු ලිපිගොනු X Files ලෙස හැඳින්වූ අතර, එනමින් මාලා ටෙලි නාටකයක්ද බිහිව තිබුණි.

පසුගියදාක ඇමෙරිකානු පුරවැසියකු වූ ජෙෆ්රි ටී. රිචල්සන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව සී.අයි.ඒ. ආයතනය 51 ප්‍රදේශය නමින් යුතු ගුප්ත සහ අබිරහස් ප්‍රදේශය පිළිබඳ තොරතුරු හෙළිදරවු කර තිබුණි. 


එකී හෙළිදරවුවේදී ඔවුන් පවසා තිබුණේ තමන්ගේ ඔත්තු සොයන යානා සහ යුද ප්‍රහාරක යානා පිළිබඳ පර්යේෂණ නවසිය පනස් ගණන්වල සිටම සිදුකෙරෙන බවකි. 

සාමාන්‍ය ගුවන් යානාවලට වඩා වෙනස් හැඩයක්, මෙන්ම අධික වේගයෙන් සහ ඉහළ මට්ටමක ගමන් කිරීමේ හැකියාවත්, අධික ආලෝකය විහිදුවන බඳක් සහිත වීමත් යන කරුණු නිසා මෙකී යානා බොහෝවිට පිටසක්වල සිට එන යානාවන් යැයි වරදවා වටහාගන්නා බවද එහිදී පෙන්වාදී තිබුණි.

එසේම එම වාර්තාව මගින් පැහැදිලි කර තිබූ කරුණක් වන්නේ ඇමෙරිකානු නිල්පොත් ව්‍යාපෘතියේ මූලිකම කාර්යභාරය වී තිබුණේ අමුතු යානා දුටු බවට ඉදිරිපත් වන වාර්තාවන් පසුපසගොස් ඒ අවස්ථාවේදී එකී සිද්ධියට සම්බන්ධ තැනැත්තන් දැක ඇත්තේ තමන්ගේ රහසිගත යානාද? නැද්ද? යන්න තහවුරු කරගැනීම බවය.

මේ අනුව නිල් ‍පොත් ව්‍යාපෘතියට අයත් X Files බොහෝමයක අඩංගු වාර්තා එබඳු යානාවන් දැකීමෙන් අන්දමන්දවූ මිනිසුන්ගේ සිතේ ඇතිවූ ව්‍යාකූලතාවන් පිළිබඳ වාර්තාවන් බව පැහැදිලිය. 


එහෙයින්ම නිල් ‍පොත් වැඩපිළිවෙළට අයත් X Files යනු ‘පුස් ෆයිල්’ ගොඩක් බව පිළිගන්නා ඇමෙරිකාව ඒවායේ වූ වාර්තා බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ මුදාහැරීමටද කටයුතු කළේය.

ඒ අතරම පසුගිය මාසය අගභාගයේදී ඇමෙරිකානු ගුවන් හමුදාව සහ සී.අයි.ඒ. ආයතනයට සම්බන්ධ මිලිටරි ආරක්ෂක හා උසස්
පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය හෙවත් ච්අඒඒ  මගින් නිකුත් කෙරුණු වාර්තාවක දැක්වූයේ ඇමෙරිකාව සතු නවීනතම අමුතු සුපිරි යානයක අවසන් පර්යේෂණ ගමන පිළිබඳ විස්තරයි.


‘ඔ-51ඒ වේව් රයිඩර්’ ලෙසින් නම් කර ඇති මෙම යානා සෑදීමේ වැඩපිළිවෙළ 2004 තරම් ඈත ඉතිහාසයකට දිවයන්නකි. මේ වන විට පර්යේෂණ චාරිකා හතරක් හොර රහසේම අත්හදා බලා ඇති මෙකී ඔත්තු බලන යානයේ අවසාන පරීක්ෂණය සිදුකෙරුණේ පසුගිය මැයි මාසයේදීය.


ඩොලර් මිලියන 300ක වැයක් දරා නිපදවන ලද මෙම යානය ශබ්දයේ වේගයටත් වඩා පස්ගුණයක් වේගයකින්, නාවුක සැතපුම් 230ක දුරක් මිනිත්තු හයකින් කාටත් නොපෙනී නිහඬවම ගමන්කර පැසිෆික් සයුරට ඇදවැටී විනාශවී ගියේය. 


ලෝ ප්‍රකට බෝයිං ආයතනයේ නිෂ්පාදනයක් වන මෙකී යානයේ තවත් අමතර යානා නිෂ්පාදනයට තවමත් අදහසක් නැති බව එහි ප්‍රධානීහු පවසති. 

එසේ වුවද ළඟ ළඟ සිදුකළ හෙළිදරවු දෙකකට අනුව ඇමෙරිකාව පෙන්වා දෙන්නට යන්නේ පිටසක්වල සිට එන අමුතු යානා සහ පිටසක්වල ජීවීන් යනු නොපවතින ඇදහිය නොහැකි නිකම්ම හිතළු කතාවක් බවය. 

තමන් සතු දියුණු තාක්ෂණයේ නිෂ්පාදන අනෙකුත් සාමාන්‍ය ජනයාගේ හිත නොසන්සුන් කරන හෙයින් පිටතට නොදමන බවටත්, ඒවා රහස් ලෙස තබාගන්නා බවටත් ඔවුහු පෙන්වා දෙති. 

කොටින්ම ලෝකයේ ලොක්කා තමන්ම පමණක් බවත් තමන්ට ඉහළින් පිටසක්වල යානා තබා මැස්සෙකුටවත් පියෑඹීමට ඉඩකඩ සලසා නැති වගටද මේ හදිසි මාධ්‍ය සංදර්ශන හා වගාඩම්බර මගින් තහවුරු කිරීමට ඔවුහු කටයුතු කරති. 

එසේ වුවද ලෝකයේ අනෙකුත් ජාතීන් හා සසඳද්දී තවමත් තරුණ වියේ පසුවන ඇමෙරිකාව ඉතා කෙටිකලකදී මේ තරම් ඉහළ මට්ටමේ දියුණු තාක්ෂණයක් හිමිකරගත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීමටද කිසිවෙකු සමත්ව නැත. 

එසේම තමන් පිටසක්වල ජීවීන්ට හසුවූ බවට කරුණු කියනා සහ මෝහන නිද්‍රාවන් මගින් පිටසක්වල ජීවීන් ගැන කරුණු කියාපාන පුද්ගලයන්ගේ අත්දැකීම්ද වාර්තා වන්නේ සුළුපටු සංඛ්‍යාවක් නොවේ. 

ඇමෙරිකාව හා පිටසක්වල සිට පැමිණි දියුණු ජීවීන් අතර කිසියම් හෝ සබඳතාවක් ඇති බවත් එසේ නැතිනම් කඩාවැටුණු පිටසක්වල යානයක තිබි ලද තාක්ෂණික දැනුම ඔවුන් සතු බවත් මේ ගැන සැක කරන ඇත්තෝ පෙන්වා දෙන කරුණකි.

ඇමෙරිකාවේ රොස්වෙල් වෙත කඩාවැටුණු යානයක සිටි පිටසක්වල ජීවීන් පස්දෙනාගෙන් දිවිගලවා ගත් එක් අයෙකු හුවමාරුව මගින් මෙකී තාක්ෂණය ඇමෙරිකාවට ලැබුණු බව තවත් මතකයකි. 

වසර දෙකකට පෙර මියගිය ලොක්හීඩ් සමාගමේ ප්‍රධානියා සිය මරණ මංචකයේදී හෙළිකර තිබුණේ තමන්ට පිටසක්වල ජීවීන්ගේ මගපෙන්වීම ලැබුණු බවය. එසේම වෙනත් ලෝක කරා යෑමේ සුපිරි තාක්ෂණය ඔවුන් වෙතින් තමන්ට ලැබි ඇති බවය. 

ඉතින් සත්‍යය එය නම් ඇමෙරිකාව පිටසක්වලයන් නැතැයිද, මේ සියලු තාක්ෂණික හාස්කම් තමන්ගේම හපන්කම් යැයිද? පුනපුනා ඔප්පු කරන්නට උත්සාහ දරනුයේ ලෝකයේ තමන්ට හිමිව ඇති මුල්පුටුව අහිමිවී යතැයි යන සැකය නිසා නොවේද? 

එහෙයින්ම ඇමෙරිකාවේ උවමනාවට X-Files පුස් ෆයිල් බවට පත්වුවද පිටසක්වල ජීවීන් නැතැයි යන ස්ථිරසාර නිගමනයකට එළැඹෙන්නට තවමත් අපේ පරම්පරාවට කාලය පැමිණ නැත.

0 comments:

Post a Comment