Pages

Subscribe:

Ads 468x60px

බලගතු ගුප්ත කිරණ ශක්තිය මගින් පිළිකා හා විවිධා කාර රෝග සුව කළ හැකි කාන්තාවක් මෙන්න....!

උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අල්‍ලේ මිනී ඔළුවක රුවක් මතු කිරීම, සුරය බල පෙන්වීම ආදි මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළියක් සහ මෝස්තර නිරූපිකාවක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

එම පුවත සඳහා hotandfastnews රසික රසිකාවියන් බොහෝ ප්‍රතිචාර දක්වා තිබුණා.

එවැනිම මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් හිමි එක්තරා මහත්මියක් තමා සතු ගුප්ත කිරණ ශක්තියක් මගින් පිළිකා ඇතුළුව තවත් විවිධාකාර රෝග සුව කළ හැකි බව අප වෙත වාර්තා වෙනවා.

ඒ අනුව එම මහත්මිය තමා සතු ගුප්ත කිරණ ශක්තිය මගින් පිළිකා රෝගීන් ඇතුළු වෙනත් රෝගීන් සුවපත් කළ හැකි බව හා එවැනි අභියෝගයකට මුහුණ දීමට හැකි බව පිළිබඳව ලක්බිම පුවත් පත සමඟ කළ කතාබහක් පහතින්.

ඔබට ගුප්ත කිරණයක බලයක් තිබෙන බව පවසනවා. එවැනි බලයක් තිබෙන බව ඔබ කියන්නේ මොන විදියේ සාධක මතද?
මාහට රෝගීන් සුව කිරීමේ බලයක් තිබෙන නිසා. එවැනි බලයකින් රෝගීන් සුවපත් කර තිබෙන නිසා.

ඔබට තිබෙනවා යැයි පවසන එම බලය ඔබට ලැබුණේ කොයිතරම් වයසකදීද

අවුරුදු 13දී පමණ.

ඔබ එය දැනගත්තේ කොයි විදියටද?

පසු කාලෙකදී මේ ශක්තිය විසින්ම ඒ බව මට පැවැසුවා.

එම බලයෙන් ඔබ මුලින්ම ප්‍රයෝජනයක් ගත්තේ කවදාද?

දැනට අවුරුදු දෙකහමාරකට පමණ පෙර.

ඔබ එතරම් කාලයක් එම ශක්තිය අපතේ හැරියේ ඇයි?

ශක්තිය තිබෙන බව දැනගත්තේ පසුව නිසා.

එසේ නම් එය හරියටම දැනගත්තේ කවදාද?

අපට ඇති අපල වගයක් දුරුකරන්නට අනුරාධපුරයේ ගුරුන්නාන්සේ කෙනකු පැමිණි දවසේ.

එය සිදුවුණේ කොයිවිදියටද?

එම ගුරුන්නාන්සේ තොවිලය කරද්දී සාම්බ්‍රානි දුම ගසා මගේ ඇඳුම් පවා පුළුස්සා දැමුවා. අවසානයේ මම එයින් මිදී කාමරයකට වී විවේක ගත්තා. ඒ මොහොතේ මේ ශක්තිය මා තුළින් මතුවී ඒ ගුරුන්නාන්සේට කතා කර තිබෙනවා.

කුමක්ද කතා කර කියා තිබෙන්නේ?

“උඹලා ඔය කරන දේ වැරදියි. මේ දරුවට තියෙන්නෙ අපලයක් නොවෙයි. වෙදකම් කරන්නට ලැබෙන ශක්තියක්. ඒ දරුවට ඒක කරන්න ඉඩදීපන්. ඔය බහුබූත වැඩ නතර කරපන්” යැයි කියා තිබෙනවා.

දැන් මේ ප්‍රකාශය ඔබේ එකක්ද? නැතිනම් ඔබ කියන ගුප්ත ශක්තියේ ප්‍රතිඵලයක්ද?

ඊට පස්සේ ඒ කටහඬම පැවැසුවා මේ උඹට උදව් කරන්නෙ උඹෙ අම්මාගෙත් සීයා කියා. ඒ සීයා ඇත්තටම වෛද්‍යවරයෙක්.

ඔහු කොහේ ජීවත් වුණ අයෙක්ද?

මහියංගනයේ ඔක්කම්පිටියේ.

වෙන මොනවාද ඔහු ඔබට පැවැසුවේ?

අපි දෙන්නා ආත්ම නවයක්ම මේ දේ කරගෙන ඇවිල්ලා තියෙනවා? ආත්ම හතරක්ම අපි ඉඳල තියෙන්නේ මහියංගනයෙ.

හොඳයි දැන් ඔබ මේ ශක්තියෙන් රෝගියෙකුට ප්‍රතිකාර කරන ආකාරය අපට පහදා දෙන්න?

සාමාන්‍යයෙන් මම රෝගියෙකු ස්පර්ෂ කර මැතිරූ විට ඔහු කියනවා තමාට දැන් මේ තරම් ගුණයක් තිබෙනවා කියා. සීයේට දහය, විස්ස තිහ හතළිහ පනහ වශයෙන්.

එතකොට ඔබ කෙනෙකුට ප්‍රතිකාර කරන විට කිරණ ශක්තිය විතරද උපයෝගි කර ගන්නේ...?

නැහැ. මම බෙහෙතුත් දෙනවා.

මෙසේ බෙහෙත් දීමට ඔබට සුදුසුකමක් තිබෙනවාද?

මට බෙහෙත් කියන්නේ විභීෂණ දෙවියො.

විභීෂණ දෙවියො බෙහෙත් කියනවා පමණද? ලබා දෙන්නේ නැද්ද?

නැහැ මම කැලණියට ගිහින් දේවාලෙට වෙලා ඉන්න කොට මගේ මනසට කියනවා මෙයාට කළ යුත්තෙ මෙන්න මේ බේතුයි කියා. මම මගේ ළඟ ඉන්න කෙනාට කියනවා ලියා ගන්න කියා. මමවත් දන්නෙ නෑ. ඒ කියන්නෙ මොන බේත්ද කියලා. ඒ වගේම දුන්න බේත මොකක්ද කියල දන්නෙත් නැහැ. පස්සෙ තමයි මම අහන්නෙ දැන් ගුණයිද කියල. ලෙඩා තමයි කියන්නෙ ගුණයි කියලා.

දන්නෙ නැතිව දෙන බේත්වලින් අගුණයක් වෙලා නැද්ද?

බෙහෙත් නියම කරන්නෙ දෙවිවරු.

දෙවියන් නියම කරන්නේ සිංහල බෙහෙත්ද ඉංග්‍රීසි බෙහෙත්ද?

සිංහල බෙහෙත්, හැබැයි විෂ රසායන නැති ඒවා විය යුතුයි.

සිංහල වෙදකමෙත් පාරම්පරික සහ ඉන්දියානු ආයුර්වේදය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා.

එහෙම නම් දන්නෙ නෑ. මනසට ලැබෙන දේ දෙනවා.

අද බොහෝ ඉංග්‍රීසි බෙහෙත් වර්ග සාදන්නේ සිංහල බෙහෙත්වලින්. පිළිකා ආදිය මර්දනය කිරීමට මිනීමල්වලින් හැදූ බටහිර ඖෂධ තිබෙනවා. ඔබට දෙවියන් එවැනි බෙහෙත් නියම කරන්නේ නැද්ද?

නැහැ නමුත් එවැනි බෙහෙත් වර්ග මා විසින් ජීවම් කර රෝගියාට ලබා දී සුවපත් කර තිබෙනවා. ඒ කියන්නේ මගේ කිරණ ශක්තියෙන් එයට සුවිශේෂ බලයක් ලබා දෙනවා.

දැන් මෙතනට පැමිණි රෝගියෙකුට ඔබ විසින් දෙහි කපන ආකාරය මා දුටුවා. එය ඔබේ ක්‍රමවේදය නොවෙයි නේද..?
දෙහි ගෙඩිය මගේ කිරණ ශක්තිය රෝගියා කරා ගමන් කිරීමට හොඳ ආධාරකයක්.

ඔබ ‍ජ්‍යොතිෂය විශ්වාස කරනවාද?

ඔව්

ඔබේ ලග්නය?

සිංහ, මම ඒ ගැනත් පර්යේෂණ කරනවා.

රෝගියකුගේ ග්‍රහචාරය සහ ඔබේ කිරණ ප්‍රතිකාරය අතර ගැටලුවක් නැද්ද? ඔබේ කිරණ ශක්තියට අපල බලපාන්නෙ නැද්ද?

කිරණ ශක්තියෙන් ඒක තේරුම් ගන්න පුළුවන්.

ඔබට කිරණ ශක්තියෙන් මගේ ලග්නය කියන්න පුළුවන්ද?

මම ඒ ගැන හොයා බලල නැහැ. ඒත් අපල තියෙනවා නම් කිව හැකියි.

මගේ උපන් දිනය සහ වෙලාව කිව්වොත්? ලග්නය කියන්න පුළුවන්ද...?

තවම අපි ඒ ගැන පර්යේෂණ කරමිනුයි ඉන්නෙ.

වෛද්‍ය පරීක්ෂණයකට භාජනය නොකර ඔබේ කිරණ ශක්තියෙන් රෝගයක් ගැන කියන්න පුළුවන්ද?

පුළුවන්.

පිළිකාවක් ගැනත්?

පුළුවන්. ඒත් රෝගියාට ඒ බව කියන්නෙ නැහැ.

ජ්‍යොතිෂයට අනුව කෙනෙකුට සුරයක් දැමීම ප්‍රතිකාරයක්. ඔබත් ගුප්ත විද්‍යාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා අයෙක්. මෙය ඔබ පිළිගන්නවාද නැතිද?

නැහැ අපි ඒ සුර ඔක්කොම ගලවනවා සුරයක් දාන්නෙ ග්‍රහචාරය හොඳ නැති නිසා මිස ලෙඩ සනීප වෙන්න නොවෙයි. මගේ කිරණ ශක්තිය මේ සුර දාන එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම සුර දාලා තියෙන කෙනෙකුට බෝධි පූජාවක් තිබ්බයි කියමු. ඒකෙන් වැඩක් වෙන්නෙ නැහැ.

ඔබගෙ සිරුර තුළ පවතින බව කියන කිරණ ශක්තිය කෙනෙකුගේ ශරීරයේ කුමන ස්ථානවලටද යොමු කරන්නේ?

උදාහරණයක් වශයෙන් කෙනෙකුට කතා කරන්න බැරි නම් මම උගුරට කිරණ ශක්තියක් ලබා දීල එයාගෙ කටහඬ ලබා ගන්නවා. ඔළුවේ අමාරුවක් තියෙනව නම් එතෙන්ට අත තියල එයාගෙ ඔළුව මුලින්ම හොඳ කරනවා.

එතනදී සිදුවන්නේ කුමක්ද? ඔබේ කිරණ ශක්තියෙන් රෝගියාගේ සිරුර උණුසුම් වෙනවාද නැතිනම් වෙනත් ප්‍රතික්‍රියාවක් රෝගියාගේ සිරුර මත සිදුවෙනවාද?

එතනදී සිදුවෙන්නේ ඒ තැනැත්තාගේ රෝගය මගේ ඇඟට ගන්න එක.

මට උදාහරණයක් කියන්න

දැන් මම ප්‍රතිකාර කළේ ඇවිදින්න අමාරු රෝගියෙකුට නම් ප්‍රතිකාර අරන් රෝගියා ගියාට පස්සෙ මටත් ඇවිදින්න අමාරු වෙනවා. හිසරුදාවෙන් පෙළෙන අයෙක් නම් මටත් එහෙම වෙනවා.

එතකොට පිළිකාවක් හැදුණ රෝගියෙකුට ප්‍රතිකාර කළොත් පිළිකාවත් ඇඟට ගන්නවාද?

ඔව් මගේ ඇඟට පිළිකාව ඇතුළු වෙනවා. ඊට පස්සේ මට වෙහෙසයි. ඒ නිසා මම නිදා ගන්න ඇඳට යනවා. ඒත් ගෙදර අය මට නිදා ගන්න දෙන්නෙ නැහැ.

ඇයි ඒ?

ඒ අය මාව කාර් එකට දාගන්නවා. එතකොට මාව පැය තුනක් හතරක් ඇතුළත ශ්‍රී මහා බෝධිය ළඟට හරි මුන්නේශ්වරමට හරි ගෙනියන්න ඕනෑ  කියල මම කියනවා.

ඇයි එහෙම යන්නෙ?

එහෙම ගිහිල්ල මගෙ ඇඟට ආපු රෝගය මුදාහරින්න ඕනෑ.

දැන් ඔබ ඉන්න ස්ථානයේ විදියට පැය තුනක් ඇතුළත ශ්‍රී මහා බෝධියට හරි මුන්නේශ්වරමට හරි යන්න බැරි වුණොත්?

බෑ කියල බැහැ. කොහොම හරි යන්න ඕනෑ. මොන ක්‍රමයකින් හරි බෙල්ලන්විලට හරි කැලණියට හරිවත් යන්න ඕනෑ.

අපි මේ සාකච්ඡාව කරන්නේ රාත්‍රී 10.00 ට පමණ. දැන් ඔබ කියන්නේ මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසුවත් එසේ යන බවද?

අනිවාර්යයෙන්ම යනවා. 

ඔබ මේ ස්ථානවලට ගිහින් ඇඟට ඇතුළු වුණ රෝග නිදහස් කරන්නේ කොහොමද?

ඒකට මට සුවඳ ඕනෑ. දැනට ඒ සඳහා පාවිච්චි කරන්නේ හඳුන්කූරු

ඔබතුමිය සාම්බ්‍රානි ආදිය පාවිච්චි කරන්නෙ නැද්ද?

නැහැ මට ඒවායින් ගඳක් දැනෙනවා.

එසේ වන්නේත් ඔබේ ගුප්ත කිරණ බලයට අදාළවද...?

මට හිතෙනවා මම මේ වැඩ කරන්නේ දෙවියන්ගෙන්නෙ. දෙවියො සුවඳට කැමැතියි.

ඔබගේ කිරණ ශක්තිය මගින් තවත් කෙනෙකුගේ මනසට පණිවුඩයක් යවන්න පුළුවන් කමක් තිබෙනවාද?

මමත් එක්ක සබඳතාවයක් ඇති අයෙක් නම් දුර රටක සිටියත්, එයා හරහා තව අයෙකුට වුණත් ප්‍රතිකාර කරන්න පුළුවන්.

ඒ කොහොමද...?

මම ජීවම් කරන විට ඒ තැනැත්තා දුරකතනය කනේ තබාගෙන අනෙක් අතින් රෝගියාගේ වේදනාව ඇති තැන ස්පර්ෂ කරන්න ඕනෑ. එවිට රෝගියා සුවපත් වෙනවා.

ඔබ දැනට රෝගීන් කී දෙනෙකුට මේ ගුප්ත කිරණ ප්‍රතිකාරය කර තිබෙනවද..?

දෙසිය පනහකට පමණ. ඒ හැම අයෙකු ගැනම සටහනක් තබා තිබෙනවා.

පිළිකා රෝගීන් කී දෙනෙකුට ප්‍රතිකාර කර තිබෙනවද.?

මම මුලින්ම ප්‍රතිකාර කළෙත් පිළිකා රෝගියෙකුට. එයා හොඳටම කරන්ට් අල්ලලා අමාරුවෙලා හිටපු කාන්තාවක්.

ඔබගේ ස්ථානය සාම්ප්‍රදායික දේවාලවල ඇති රතුපාට, නිල්පාට ආදියෙන් තොරයි. ඇයි ඒ...?

මට ඒ වගේ විච්චූරණ පාට ගාල තියෙන ගෙවල්වල ඉන්න බැහැ.

ඇයි ඔබට එහෙම වෙන්නෙ..?

මගේ පී.එච්. අගය වැඩියි. ‍ලේවල ඝනත්වය වැඩියි. ඒ නිසා ලෙඩ්ඩු සනීප නොකර ඉන්න අමාරුයි. ඒ වගේම මට හිරු එළිය දරන්නත් අමාරුයි.

ඒකත් මේ කිරණ ශක්තිය සම්බන්ධ ගැටලුවක්ද..?

ඔව් කිරණවල බලපෑමෙන් වෙන දෙයක්..

එමෙන්ම ඔබේ ඇඳුමත් ටී ෂර්ට් එකක් සහ දිග කලිසමක්?

මගේ කිරණ ශක්තියට ඇඳුම අදාළ නැහැ.

මෙම ශක්තිය දිනෙන් දින දියුණු වන දෙයක්ද? යම් කලකින් නතර වන දෙයක්ද?

හිමාල වනයේ වෙසෙන ප්‍රධාන පෙළේ සෘෂිවරුන් තුන්දෙනෙක් සිටිනවා. මා ඉන් එක් අයෙක් හමුවීමෙන් මේ කිරණ ශක්තිය තවත් වැඩි දියුණු කර ගත හැකියි.

ඔබට ඒ බව ප්‍රකාශ කළේ කව්ද..?

ඒ මගේ කිරණ ශක්තීන් විසින්

ඔබ හමුවිය යුත්තේ කොයි සෘෂිවරයාද?

ඒ අතරින් තුන්වෙනි සෘෂිවරයාව

ඔබ එතුමා සිටින තැන නිශ්චිතව දන්නවාද..?

කිරණ ශක්තියෙන් පර්යේෂණ කර සොයා ගත හැකියි.

පිටසක්වල ජීවීන් මිනිස් වේශයෙන් අප අතර සැරිසරන බව අද දවසේ ප්‍රචලිත මතයක්. මා මනුෂ්‍යයෙක්ද පිටසක්වල ජීවියෙක්දැයි ඔබේ කිරණ ශක්තියෙන් නිගමනය  කරන්න පුළුවන්ද?

එය එක්වරම කියන්න බැහැ. ඒ සඳහා පර්යේෂණයක් කළ යුතුයි.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...

5 comments:

GOSSIP LANKA said...

vatina lipiyak

විශ්ව said...

Hot & Fast News වෙත.
ඔබගේ මීට පෙර පුවත ගැන ඔබගේ රසිකයන් ඉතා පැහැදිලි ව කරුණු දක්වා එහි ඇති හාස්කමක් හෝ ගුප්ත බවක් නැති බව පෙන්වා දී තිබුණා. එසේ තිබියදීත් මෙවැනි දේවල් නැවත නැවත දැමීමෙන් ඔබට අවශ්‍ය වන්නේ මිථ්‍යාව තවදුරටත් රැගෙන ගොස් අසරණ වුණ මිනිසුන්ගේ මුදලට තට්ටු කිරීමට ද? ඔබ වැන්නවුන්ගෙන් අප එසේ බලාපොරොත්තු වන්නේ නැහැ. අනික මේ කියන කෙනාව වහාම මනෝ වෛද්‍යවරයෙකු ට පෙන්නන්න.

Anonymous said...

Pissu peekudu......

Hot And Fast News said...

හිතවත් විශ්ව

අප මෙම ලිපිය පලකරනු ලැබුවේ ජනතාව මිථ්‍යාව සඳහා යොමු කිරීමට නොව මේවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

ඒ අනුව පෙර සඳහන් කළ මහත්මියටද ඉදිරියේදී එම ශක්තිය පෙන්වීම සඳහා කටයුතු යොදාගෙන යන අතර ඊට ප්‍රථම ඇය විසින් එම කාර්යයේ නියැළෙන්නේ කෙසේද යන්න පිළිබඳව hotandfastnews පාඨකයන් දැනුවත් කිරිමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

විශ්ව said...

well said. I agreed. thank you Hot & Fast news

Post a Comment