Pages

Subscribe:

Ads 468x60px

දරුවකු බිහි කළ තාත්තාගේ උප්පැන්නේ මවට හිස්‌ තැනක්‌

ලිංග වෙනස්‌ කරගත් ජර්මානුවකු දරුවකු මෙලොව බිහිකර තිබෙනවා. මෙම දරුවා පිරිමි දරුවෙකි. කාන්තාවක ලෙස උපන් මොහු පසුව හොර්මෝන ගෙන පුරුෂයකු ලෙස ලිංගික විපර්යාසයක්‌ කරගෙන තිබෙනවා.

වර්තමානයේ පුරුෂයකු වන මොහු බර්ලිනයේ පිහිටි සිය නිවසේ දී හෙදියකගේ සහාය ඇතිව දරුවකු බිහිකර ඇති බව බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත්පත කියයි. මේ පිරිමි දරුවා බිහිකර ඇත්තේ ගර්භාෂයේ ශුක්‍රාණු තැන්පත් කිරීම මගිනි.


මෙම දරුවා උපත ලබා ඇත්තේ මාර්තු 18 වැනිදාය. දරුවාට මවක්‌ නැති අතර ඉන්නේ පියකු පමණයි. දරුවාගේ උප්පැන්න සහතිකයේද මවකගේ නමක්‌ සඳහන් වී නැත.දරුවකු බිහිකළ මේ පියා නමින් තොමස්‌ බීටී වේ.

ලිංග විපර්යාස සිදුකර ගත් පුද්ගලයකු බිහිකළ පළමු යුරෝපියානු දරුවා තෝමස්‌ විසින් මෙලොවට බිහිකරනු ලැබීය.

මොහු දරු තිදෙනකුගේ පියකු වන අතර සිය බිරිඳගෙන් වෙන්වීම සඳහා නඩු පවරා ඇත. කෙසේ නමුත් මොහුට දික්‌කසාදය ලබාදීම එරට අධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇත.

0 comments:

Post a Comment