Pages

Subscribe:

Ads 468x60px

වෙනත් ආදායම් මාර්ගයක් නැති නිසා මේක කරනවා

කුසුම් රේණු සහ ශි‍්‍රයන්ත මෙණ්ඩිස් ට නව තනතුරක් ලැබෙන්නට නියමිතයි. එය කෙනෙකුට පහසුවෙන් ලගාකරගත හැකි  දෙයකුත් නෙමේ. 

ජීවිතයේ පළමු වරට ලැබෙන්න යන මේ නව තනතුරු සම්බන්ධයෙන් දෙනොම සිටින්නේ හරිම උද්දාමයෙන්. දෙදෙනාටම ලැබෙන්න යන නව තනතුරු පවරන්නේ ශ‍්‍රියන්තගේ සහ කුසුම්ගෙ ආදරණීය දියණිය විසින්.

මේ වනවිට ශියන්ත සහ කුසුම්ගේ දියණියට 2014 ජනවාරියේදී දරුවෙකු ලැබීමට නියමිතයි. මේ නිසා කුළුදුල් මුනුපුරෙකු හෝ මිනිපිරියක ලබන ඔවුන් ජනවාරි මාසයේ සිට ආච්චි සහ සීයා කෙනෙකු වෙනවා.

කුසුම් රේණු වේදිකාවේ සම්මාණනීය රංගන ශිල්පිණියක්. අප කුසුම් ගෙන් නිර්මාණ තොරතුරු ගැනත් ඇහුවා. ඇය මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකව සිටිනවා.

වේදිකා නාට්‍ය සමග රංගන ශිල්පිණියක් කාර්්‍ය බහුල වෙනවා කියන්නේ තරමක සතටු දනවන කාරණයක්.

ඇත්තටම එය සතුටක් ඊට අමතරව ටෙලි නාට්‍ය රගපැම් සඳහා දායක වනවා මෙගා හැරෙන්නට වෙනත් හොඳ නිර්මාණ වලට දායක වන්නට ලැබෙන අවස්ථා නැති තරම්. මෙගානම් එපාවෙලා තියෙන්නේ.


ඒත් වෘත්තීය නිළියක ලෙස රගපෑම හැර වෙන කළයුතු දෙයක් නැහැ. අමතර ආදායම් මාර්ගයක් තිබුණනම් මෙගා වළින් ඇත්වන්නට පුළුවන්. ඇත්තටම දැන රගපෑමත් එපාවෙලා වගේ දැනෙන්නෙ.

ඒත් ඉතින් වෙනත් ආදායම් මාර්ගයක් නැති නිසා මෙය කළයුතුව තිබෙනවා. යන්තමින් හුස්මක් ගන්න පුළුවන් වෙන්නේ සෑම සති අන්තයකම වේදිකා නාට්‍යක ඉදිරිපත් කරණ රංගනයන් නිසයි.

වෘත්තීය රංගන ශිල්පීන්ට ශිල්පිණියන්ට හිතට දැනෙන ලෙස රගපෑමට නිර්මාණ නිති වීමෙන් ඇතිවන මානසික පීඩාව කෙබඳු විය හැකිද. මෙගා ටෙලි නාට්‍ය නිසා බොහෝ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් සිටින්නේ කළකිරීමකිනි.

0 comments:

Post a Comment