Pages

Subscribe:

Ads 468x60px

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ ආයුර් වේද කොම සාරිස් නැවත රාජකාරියේ

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර ද අල්විස් මහතා ඊයේ (3) සුපුරුදු පරිදි නැවත රාජකාරී කටයුතු ආරම්භ කළේය. 

උතුරුමැද පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය ඇමැති එච්.බී. සේමසිංහ මහතා හමුවීමෙන් අනතුරුව සේවයේ වැඩ කටයුතු ආරම්භ කෙ‍ෙළ්ය. වම් ඇස තවමත් නොපෙණුනත් දකුණු ඇසේ පෙනීම සමඟ ජනතාව වෙනුවෙන් ‍තම සේවාව ඉටු කිරීමට ඇප කැප වන බව කුමාර ද අල්විස් මහතා පැවසීය. 

වසර 16ක සේවා කාලය තුළ මා ළඟට පැමිණි රෝගීන් මට වැඳ නමස්කාර කර ගියා. මේ ඇසිඩ් ප්‍රහාරය සිදුවන දිනයේ කිසිවෙක්ම මෙවැනි දෙයක් සිදුවේ යැයි සිතුවේ නැහැ.

සෞඛ්‍ය ඇමැති එච්.බී. සේමසිංහ මහතාගේ සහ අමාත්‍යාංශයේ සියලු දෙනාගේ ආශිර්වාද බෝධිපූජා ආදියෙන් සංග්‍රහ කරන විට අක්ෂි ‍ශල්‍ය වෛද්‍ය චරිත් ෆොන්සේකා මැතිතුමාගේ දක්ෂතාවය කැපකිරීම මත මා හට පෙනීම ලබාගැනීමට හැකි වුණා. 


ඒ වාගේම මාගේ බිරිය චම්පිකා රණසිංහ මහත්මිය මා ළඟම සිට මට කරන ලද සත්කාර නිසා මට නැවත සේවයට ඒමට මග පෑදුණා.

මගේ ලොකුම බලාපොරොත්තුව නැවත රෝගීන්ට පෙර කලාට වැඩිය හොඳින් කිරීමටයි. ජනතාවට හරි හැටි ඉතාම හොඳින් සේවය කළ නිසා හැමගේම අනුකම්පාසහගත ආශිර්වාදය මට නිතරම ලැබුණා. 


එය මාගේ ජීවිතයට වඩාත් වැදගත් වුණා යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාවට පළාත් ආයුර්වේද කොමසාරිස් වරයාගේ බිරිය චම්පිකා ‍රණසිංහ මහත්මියද සහභාගී වූවාහ.

0 comments:

Post a Comment