Pages

Subscribe:

Ads 468x60px

පොලිසියට කරන්න වැඩ ඕනතරම් තිබියදී බලු මඟුල් කරනවා

ඇමැති ටී. බී. සටනට...

පොලිසියට කරන්න වැඩ ඕනතරම් තිබියදී අපේ රටේ සංස්‌කෘතිය සෝදා පාලුවට ලක්‌ වන අන්දමින් මහනුවර වගේ ඓතිහාසික ස්‌ථානයක බල්ලන් හා බැල්ලියන් විවාහ කරලීම අනුමත කළ නොහැකි ක්‍රියාවක්‌. ඒ පිළිබඳව සංස්‌කෘතික ඇමැතිවරයා විදිහට මම මේ ක්‍රියාව තරයේම හෙළාදකිනවා. මේ සිදුකළ කටයුතු පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරලා සමාව ඉල්ලලා පලක්‌ වෙන්නේ නෑ. 

 
මේ පිළිබඳව විධිමත් පරීක්‌ෂණයක්‌ සිදු කරන ලෙස මා පොලිස්‌පතිතුමාට දැනුම් දුන්නා. එහි ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගන්නවා යෑයි සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා මහවදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේය.

පොලිස්‌ නිලධාරීන් විසින් පසුගියදා මහනුවරදී සිදුකරන ලද බල්ලන් හා බැල්ලියන් විවාහ කරදීම පිළිබඳව අදහස්‌ විමසීමේදී ඇමැතිවරයා එසේ පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

මේ පිළිබඳව විවිධ ආගමික සංවිධාන, සංස්‌කෘතික සංවිධාන හා ආගමික නායකයන් අප්‍රසාදය පළකර තිබෙනවා. විවාහය කියන කටයුත්ත සුබ හෝරාවන්ට අනුව අෂ්ඨක කියලා පෝරුවේ චාරිත්‍ර සිදුකරලා වැදගත් විදිහට කරන්නේ අපේ මවුබිමේ පමණයි. 


මේ චාරිත්‍ර අගයමින් විදෙස්‌ පිරිස්‌ පවා අපේ රටේදී විවාහ මංගල්‍ය කටයුතු කරන්න පෙළඹී තිබෙනවා. අපේ රටේ උතුම්ම භූමියක සිට මේ වගේ බොළඳ වැඩක්‌ කිරීම පිළිබඳව කනගාටුයි. කොහේ කළත් වැරදි දේ වැරදියි. අපි මේ ක්‍රියා කිසිඳු අනුමත කරන්නෙ නෑ.

මේ මැතිවරණ සමයක අපිට, පොලිසියට කරන්න කොච්චර දේවල් තියෙනවද? ඒ වැදගත් කටයුතු සියල්ල ඉවත දාලා අපේ සංස්‌කෘතිය වළපල්ලට යවන බොළඳ වැඩ කරනවා. 


මෙවැනි වැඩ නොකරන ලෙසත් සංස්‌කෘතික දායාදයන් රැකගන්නා ලෙසත් මම මතක්‌ කර සිටිනවා. මේ පිළිබඳව සිදුකරන පරීක්‌ෂණයේ ප්‍රතිඵල ලැබුණ වහාම ඉදිරි පියවර ගන්නවා. සංස්‌කෘතික අමාත්‍යාංශය විදිහට අපේ විරෝධතාව අපි ප්‍රකාශ කර සිටිනවා. 

0 comments:

Post a Comment