Pages

Subscribe:

Ads 468x60px

නිළිකමට වඩා පවුල ලොකු කරගත් නිළියක්

ඕෂධී හේවාමද්දුම තරුණ පරපුරේ නිළියන් අතරින් තරමක වෙනස් ගතිගුණ පිහිටි කෙනෙක්. 

ඇය විවාහයෙන් පසු සිය රංගන කටයුතු සඳහා කාලය වෙන්කර ගත්තෙ සිය පවුලේ කටයුතු වලට මුල්තැන දෙමින්. එහෙම කරණ වෙනත් නිළියන් නැතුවා නෙමේ. 

ඒත් ඕෂධී සිය පවුල් ජීවිතය තුළ දරුවා ලැබීමෙන් පසු දරුවාගේ කටයුතු වලට සිය කාලය කැපකරණු ලැබුයේ රංගනයට තිබුණ අවස්ථා ද පසෙක ලමින්.

ඕෂධී ඒ ගැන කියන්නෙ මෙහෙමයි ."


මගේ අම්මා මගේ පුතාව බලාගන්න හිටියෙ නැතිනම් මම කීයටවත් පුතාව පිට කෙනෙකුට දීලා රගපාන්න යන්නෙ නැහැ. මට සේරටම වැඩිය පුතාව වටිනවා. මට පුතා ලැබිලා මාස තුනක් ඉක්මවා යන්නත් පෙර රගපැමට ආරාධනා ලැබුනා . 

 
නමුත් පුතාට අතිරේක ආහාර ලබාදෙනකම් රගපාන්න යන්නෙ නැහැ කියලා තීරණය කරලායි තිබුනෙ. දැන් පුතාට මාස දහයයි ඒ නිසා මේ වෙනකොට මට ලැබෙන නිර්මානවලට දායක වෙන්න තීරණය කළා.

මම එහෙම තීරණය කළේ රගපෑම ඇගටම ජීර්ණය වෙලා තිබෙන නිසා රගපෑම අත් අරින්න ලෝබ කමක් දැණුන නිසා .ඒත් මම පවුලෙ අයගෙ සහයෝගය නොතිබුණානම් රගපැමට යන්නෙ නැහැ . මොකද රජ කම ලැබුනත් පවුල් ජීවිතය සාර්ථක නැත්තම් වැඩක් නැති නිසා .

0 comments:

Post a Comment