Pages

Subscribe:

Ads 468x60px

රූ රැජිනන්ට සිදුවන කෙනෙහිලිකම් ගැන මොනාලි කතා කරයි !

මෙවර ලෝක සංචාරක රූ රැජිණ තරගයට ලංකාවෙන් යවන්නට තෝරාගෙන සිටි මොනාලි දිසානායකට එයට ඉඩ නොදී සංවිධායකයින් විසින් වංචාවක් සිදු කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ලංකාවේ රූ රැජිනන් තෝරණ තරගවල මාෆියාවක් ඇති අතර මෙම තරග සංවිධායකයින් සුදුස්සන් තෝරන්නට තරග නොපවත්වා ඒවා සදහා මුදල් වලට තරගකාරියන් යවන බවද
වාර්තා වනවා.

ලක්ෂ ගණන් මුදල් රැගෙන පසුව ලංකාවේ තරගයක් පැවැත්වූ ආකාරයට ප්‍රසිද්ධ අවස්ථාවක ඡායාරූපගෙන ඒවා ව්‍යාජ ලෙස යොදාගනිමින් තරගය පවත්වන විදෙස් තරග සංවිධායකයින්ට ඒවා යොමුකර මෙම ජාවාරම සිදුකරන බවද මොනාලි
දිසානායක අප වෙත දන්වා සිටියා

පසුව එම තරගකාරියන්ට බොරු හේතු දක්වා තරගාවලියට නොයැවීමටද කටයුතු කරන බවද ඇය සදහන්කර තිබෙනවා.මොනාලිව මේ වසරේ ලෝක සංචාරක රූ රැජිණ සඳහා යවන්නට මේ ආකාරයට බොරු පොරොන්දුවක් දී ව්‍යාජ උත්සවයක්ද පවත්වා පසුව ඇගේ කකුළ කැඩුණ බවට කතාවක් පිටරටට දන්වා තරගාවලියට නොයැවීමට කටයුතු කළ බව ඇය කියා සිටින්නීය.

ඒ ගැන ඇය සිදු කළ හෙළිදරව්ව පහතින්.


"ඒ ගොල්ලො මගෙන් මාසෙකට විතර ඉස්සෙල්ල කතා කරල ඇහුවා මිස් ටුවරිසම් පැජන්ට් එකට නොමිනේට් කළොත් යන්න කැමතිද ඒ ගොල්ලන්ට ටූ ලැක්ස් විතර දීලා යන්න කැමතිද කියලා මං බෙස්ට් මොඩල් පැජන්ට් එකක ඉද්දි තමා එහෙම කිව්වේ මට ගැලපෙන්නෙ මොඩල් ඒවා නෙමේ බියුටි ක්වීන් එවා කියල.


ඒ නිසා ඔයා යන්න ඒකට එයාර් ටිකට් එකත් අපි දෙන්නම් කියලා. ගොඩක් අය කිව්වා එගොල්ලො එහෙම එයාර් ටිකට් එක දුන්නට ඒක දෙන්නෙත් මගෙන් ගන්න සල්ලි වලින් කියලා. පස්සේ එහාට මෙහේ පැජන්ට් එකක් තිබ්බ විදිහට බොරු ෆොටෝස් අරන් යවනවා. 

ඒක මෙහේ තිබ්බ කියල හිතල එහෙන් එවන සල්ලිත් ඒගොල්ලො අරන් තමා අපිව යවන්නෙ කියලා යාළුවො මට කිව්වා. විවාහක රූ රැජිණ වුණ ශ්‍රීමාලි ෆොන්සේකාටත් කිව්වලූ ඩොලර් දෙදාහක්ද දෙසීයක්ද ගෙවන්නය කියලා. නිලු දිනලා ආපු වෙලාවෙත් නිලුට හම්බවෙච්ච ලක්ෂ 10න් දෙකක් මෙගොල්ලො ඉල්ලගෙන තියනවා.

මට යාළුවො එපාම කිව්වත් කමක්නෑ ස්පොන්සර්ස්ලා හොයාගන්නම් කියල මම ගියා. ක්‍රවුන් එක පාටියකදි දාලා බොරු ෆොටෝස් අරගත්තා ඇත්ත එකක් වගේ. ඔෆිශියල් ක්‍රව්නින් එක වෙනත් බෙස්ට් මොඩල් උත්සවයකදී තමා කළේ. මීඩියා ඉස්සරහා ෆොටෝස් අරගෙන එදා ක්‍රවුන් කළා.


ඉතින් ඔක්කොම කරල මට කිව්වා ඇඳුම් රෙඩි කරගන්නත් කියලා. වීසා ඉන්විටේෂන් එක පරක්කු කරලා දුන්නා. එයාර් ටිකට් එක ඇවිත් තියනවා කියල කිව්වට මං ඇස්දෙකට දැක්කෙ නෑ. පස්සේ ඊයේ රෑ තමා මට කථා කරලා කියන්නේ.


දැන් ඔයා පුරුදු වෙලා මදි කියලා කට්ටිය කියනවා... ඒක නිසා චීනෙට යවන්න වෙන්නෑ කියල..මං ඇහුව එහෙනම් ඇයි මාව නොමිනේට් කළේ කියලා. නෑ එහෙම නෙමේ අපි මේ ටයිට්ල් එක ගන්නමනේ යවන්නේ.. 


දැන් අපි චයිනා වලට ඔයා ඇක්සිඩන්ට් වෙලා කියල මේල් එකක් දානවා...කියුවා. දැන් මගේ ෆොටෝ ඔක්කොම එහෙට යවලාත් ඉවරයි එගොල්ලො. 

ටුවරිසම් ක්වීන් එක අත්ඇරගන්න ඔයාව අපි ටිබෙට්වල පැඩන්ට් එකක් තියනව ඒකට යවන්නම් කිව්වා. ෆ්ලයිට් එක ඊයෙ රෑ යන්න තිබ්බේ. එකපාරට තමා මෙහෙම කළේ මං ඇඳුම් ඔක්කොම ඩිසයිනර්ල හම්බ වෙලා ලෑස්ති කරගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ.

කලිනුත් මෙගොල්ලො මෙහෙම කරලා තියනවා. එහෙන් සල්ලි එවනවනේ මෙහේ පැජන්ට් එක කරන්න කියල..ඒගොල්ලො කරන්නේ සල්ලි අරගෙන පැජන්ට් එක කළා විදිහට ෆොටෝස් යවල පස්සේ ඒගොල්ලන්ගෙ ගාණ හොයාගත්තට පස්සේ මං වගේ අය යවන්නෙ නැතිව බොරු කියල මේල් යවන එක.


මාව යැව්වොත් ඇසිඩ් ගහනව කියල කෝල් කළා කියල ඒගොල්ලන්ගෙ කෙනෙක් දාල කෝල් දාලත් තියනවා. එහෙම කරල නෑ කවුරුත්.මටම යන්න බැහැ කියල හිතෙන විදිහට කරනවා.දැන් ෆීල්ඩ් එකේ කථාව යවල මං යන්න බෑ කිව්ව කියලා.


මං කොහොමත් චීනෙට කියල යවනව මගේ කකුලක් කැඩිල නෑ කියල. දිනපු අයටත් මේ ගොල්ලො ඇග්‍රිමන්ට් ගහනව ඒගොල්ලන්ගෙ ඇරෙන්න පාටි තියන ඒවට යන්න එපා කියල. කොල්ලෙක් එක්ක යාළුවෙන්නත් තහනම්.


මට හිටපු කෙනා ඉන්නකම්ම කිව්වේ ඒක නවත්තන්න කියලා. ඊයේ මගේ යාළුවෙක් කිව්ව එයාගෙ කොල්ලගේ (සමලිංගික) කියල කිව්වලූ.
සෑහෙන සල්ලි හොයනව මේ වැඩ වලින් එදා ෂෝ එකෙන් ලක්ෂ 4 ක් විතර ලාභ ඇති. එක්සපීරියන්ස් ගන්න කියල අපට සත පහක්වත් ගෙවන් නැතිව තමා ෂෝ කරන්නේ.."



 

0 comments:

Post a Comment