Pages

Subscribe:

Ads 468x60px

ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ මව දෙනෙත් පියා ගනී

ශ්‍රී ලංකා නිදිහස් පක්‍ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දයාබර මෑණියන් වූ විශ්‍රාමික පාඨශාලා චාරණී වයි.ඒ.ඩී. නන්දාවතී මාතාව අවුරුදු අසූතුනක් ආයු වළඳා අඟහරුවාදා (03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 

පොළොන්නරුව සේවා මුක්ත භටයන් ගේ ගොවි ජනපදයේ පුරෝගාමී මෙහෙවරක යෙදී සිටි නැසීගිය ඇල්බට් සිරිසේන ගම්මුලාදෑනි තුමාගේ අදරණීය බිරිඳ වූ නන්දාවති මාතාව දරුවන් 12 දෙනෙකුගේ මාතාව වූවාය. 

 
එම පවුලේ දෙටු පුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ‍දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරන අතර සෙසු දරු දැරියන් ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ඇතුළු ක්‍ෂෙත්‍ර ගණනාවක ඉදිරිපෙළ ක්‍රියාකාරීහු ද වෙති. 

නැසීගිය නන්දාවතී මාතාවගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (06) ප.ව. 2.00 ට පොළොන්නරුවේ දී පැවැත්වේ.

0 comments:

Post a Comment