Pages

Subscribe:

Ads 468x60px

බුද්ධ ප්‍රතිමා පිරිසිදු කළේ කොණ්ඩය වවාගත් තරුණයෙක්ලු

පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිසිදු කළේ කාන්තාවක් නොව විහාරස්ථානයේ දායක පවුලකට අයත් කොණ්ඩය වවාගත් තරුණයකු බව පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසනවා.

ඇතැම් කාන්තාවන් පිළිම වහන්සේලා මත නැගී පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ බවටද පසුගිය දිනවල මාධ්‍ය හරහා චෝදනා එල්ල වී තිබුනා.

ගැහැනු පිරිමි හඳුනාගත නොහැකි ඇතැම් මාධ්‍ය රට ගිනි තැබිමට සූදානම් වීම කනගාටුදායක යැයි ‍ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපාලි නාහිමියෝ පැවසුවා.

එසේම විහාරස්ථාන භූමියේ පිහිටි බුද්ධ ප්‍රතිමාව පිරිසිදු කිරීමට විහාරාධිපති හිමියන්ට බලයක් නැතිනම් බලය ඇත්තේ පුරාවිද්‍යා මුරකරුවන්ට දැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි සොළොස්මස්ථානාධිපති නාහිමියෝ අවධාරණය කළා.


'' ගල් විහාර සැතපෙන ප්‍රතිමා වහන්සේ රිළවු වැනි සතුන්ගෙන් නිතර අපිරිසිදු වන නිසා ප්‍රතිමාව නිතර පිරිසිදු කළ යුතුයි. එවැනි පිරිසිදු කිරීම් අපි වරින් වර කරනවා. දෙස් විදෙස් පිරිස් නිතර ගල් විහාරයට පැමිණෙන නිසා ප්‍රතිමාව අපිරිසිදුව තැබිම කිසිසේත් සුදුසු නැහැ. මෙවර ගම්පහ පිරිසක් සංවිධානය කළ විශාල පින්කමට සමගාමීව ප්‍රතිමාව පිරිසිදු කිරීමට කටයුතු යෙදුවා.

ඊට පෙර මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා දැනුවත් කළා. ඒ අනුව තමයි විහාරස්ථානයේ දායක පවුලක කොණ්ඩය වවාගත් තරුණයකු මගේ උපදෙස් පරිදි ප්‍රතිමාව පිරිසිදු කළේ. එහෙත් ගැහැනු පිරිමි හඳුනාගත නොහැකි මුරකරුවන් කාන්තාවක් ප්‍රතිමාව පිරිසිදු කළා කියලා මාධ්‍යයට කිව්වා.

ඇතැම් මුරකරුවන් හැසිරෙන්නේ කොමසාරිස්ටත් එහා ගිය බලතළ ඇතිව වගෙයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපහාසයට පත්වෙනවා.

ගල් විහාර සැතපෙන ප්‍රතිමාව රත්වී තිබියදී වතුරු දමන්න හොඳ නැතැයි ඇතැම් පණ්ඩිතයෝ කියා තිබුණා. මේ ප්‍රතිමාවට ආවරණයක් ඉදිකිරීමට පෙර මහ ගිනි අව්වේ වේලී පසුව මහ වැස්සට තෙමෙනවා.  එවැනි අවස්ථාවලදී ප්‍රතිමාවට මුරකරුවන් ආවරණයක් හෝ කුඩයක් ඇල්ලුවද? කියා සොයාබැලිය යුතුයි.

භික්ෂුවගේ ශාසනික උරුමය උදුරාගන්න කිසිවකුට අයිතියක් නැහැ. එසේම පින් පෙට්ටියට වැටෙන මුදල් ටික ඇදගෙන පුරුදු අයට දැන් එය නොලැබිමෙන් සුසුනට වෛර කරන්න උත්සාහ කරනවා.

කොණ්ඩ වවාගත් තරුණයකු ප්‍රතිමාව පිරිසිදු කළ විට එය කාන්තාවක් විසින් කළා යැයි කීමෙන් අපහාසයට උපහාසයට ලක්වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. පුරාවිද්‍යාවේ මුරකරුවන් තම දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක්කිරීමට තැත් කිරීම කුමන්ත්‍රණයක් දැයි සොයා බැලිය යුතුයි...''  යැයිද සොළොස්මස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, ගම්පහ ප‍්‍රදේශයේ සංවිධානයක  මැදිහත් වීමකින් පොළොන්නරුව, ගල්විහාරයේ පිළිම වලට හානි කළ බවට වාර්තා වු සිද්ධියක් සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය, ජගත් බාලසූරිය මහතා අදාළ අංශ  වෙත නියෝග කර තිබෙනවා.

ඉදල්, කොසු සහ වෙනත් ඝණ උපකරණ යොදා ගනිමින් මෙම කටයුතු සිදු කෙරුනු බවටද පුරා විද්‍යා නිලධාරීන් පැමිණිලි කර තිබෙන අතර පිලිම වහන්සේලා පවිත‍්‍ර කිරීමට යොදා ගත් ජලයද අපවිත‍්‍ර බව පැවසෙනවා. පුරා විද්‍යා නිලධාරීන් පෙන්වා දී ඇත්තේ එසේ නොකරන ලෙස කළ ඉල්ලීම් පවා අදාළ සංවිධානයේ සාමාජිකයින් පිළි නොගත් බවයි.


ගම්පහ ගෑනු ටිකක් ගල් විහාරයේ පිළිමය උඩ නැග වතුර බවුසර් වලින් පිළිමය හෝදලා...

0 comments:

Post a Comment