Pages

Subscribe:

Ads 468x60px

චන්ද්‍රිකා, සෝභිත හිමි නාග විහාරයේදී රහසේ හමුවේ

දේශපාලන ක්‍ෂේත‍්‍රයේ  ආන්දෝලනාත්මක චරිතයක් සෝභිත හිමියන් මුණගැසීමට උන්වහන්සේගේ විහාරයට පසුගිය සතියේදී ගොස් තිබිණි. ඒ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

පසුගිය සතියේ  හදිසියේම   සෝභිත හිමියන් මුණගැසීමට උන්වහන්සේගේ පන්සලට පැමිණි චන්ද්‍රිකා උන්වහන්සේ සමග වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කළාය.  මෙම සාකච්චාව මාධ්‍යවේදීන් සඳහා විවෘත වූවක්ද නොවීය.

එහිදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ චන්ද්‍රිකා ඒ සදහා සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය  ගෙන යන වැඩපිළිවෙළට සිය සම්පූර්ණ සහාය ලබාදීමට ද එකගතාවය පළ කර ඇත.



මීට මාසයකට පමණ ඉහතදී අමාත්‍ය මාර්වින් සිල්වා මහතා මාදුළුවාවේ සෝභිත හිමියන් මුණගැනීමට කෝට්ටේ නාග  විහාරයට ගොස් උන්වහන්සෙ සමග සාකච්ජා කිරීම දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් විය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඒ මොහොතේදීම ජනාධිපතිවරයා මර්වින්ට කත කොට සෝභිත හිමියන් සමග කතා කළේ මොනවාද යන්න පිළිබද විමසා සිටි බවකි.

0 comments:

Post a Comment