Pages

Subscribe:

Ads 468x60px

මිලියන 6ක් නැරඹු ඉල්ලා අස්වෙන නැටුම මෙන්න

තමා සේවය කළ තායිවාන ප්‍රවෘත්ති සමාගම කින් ඉල්ලා අස්වීම නැටුමකින් සිදුකළ මිසුරි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට අන්තර්ජාලයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබිණි. 

මැරීනා ශීෆ්‍රින් එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යාවකි. ඇය මේ නැටුම් දර්ශනය අඩංගු වීඩියෝ පටය අන්තර්ජාලයට එක් කළ පසු මිලියන 6ක් එය නරඹා තිබේ.

තමා රැකියාව නිසා අධික පීඩනයකින් සිටින බැවින් ආයතනයෙන් ඉවත් වන බව කියැවෙන ආකාරයේ නිරූපණයක ඇය මෙහිදී නිරත වූවාය. ඇය සේවය කළ ආයතනය එම කර්මාන්තයේ ප්‍රබල ආයතනයක් නිසා මේ ප්‍රවෘත්තියට පුළුල් ප්‍රචාරයක් ලැබී තිබේ. 

"මම කියන්නේ නැහැ ජනමාධ්‍යවේදීන් අරුම පුදුම අය කියලා. ඒත් අද කාලේ දැනෙන්න දෙයක් කරන්න නම් හයියෙන් කෑගහන්න ඕනෙ" යැයි ඇය කීවාය.

0 comments:

Post a Comment