Pages

Subscribe:

Ads 468x60px

දික්කසාද වුණා කියන රාවය ගැන ෂෙරිල් කතා කරයි

ඇයගේ සැබෑ නම “ෂෙරිල් රොමේන් ඩෙකර්”. නමුදු කවුරුත් ඇය හඳුනන්නේ නම් “අමා” ලෙසිනි. 

ස්වාධීන රුපවාහිනී නාලිකාව හරහා මීට කලකට ඉහත විකාශය වුණු “අමා” ටෙලි නාට්‍යය හරහා අතිශය ජනාදරයට පත්වූ ඇය එම නමට බොහෝ සේ ආදරය කරන බවද පැවසීය. ස්වාධීන රූපවාහිනියෙන්ම සංවිධානය කරන ලද එක් අවුරුදු කුමාරි තරගයකින් දෙවන තැන ලබා ගැනීම සේම “සිරස ඩාන්සින් ස්ටාර්” වැඩසටහනට සම්බන්ධවීම මෙම ගමනේ මූලික අඩිතාලම බවද ඇය සිහිකළාය. 

මේ වන විට නැගී එන ටෙලි නාට්‍ය නිළියක, සේම නර්ථන ශිල්පිනියක ලෙසද කලා ලෝකය හරහා සොඳුරු ගමනක යෙදෙන ඇය පසුගියදා විවාහ ගිවිස ගත්තාය. “නොදැක ඉන්න බෑ” ගීතය හරහා රසික හදවත් ජයගත් යොවුන් ගායක රුවන් හෙට්ටිආරච්චි ඒ වාසනාවන්තයා විය. 

මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන “බාලොලිමල්” ටෙලි නාට්‍යයේ චරිතයක් හරහා ඔබගේ ආලින්දයට ගොඩවන මේ සොඳුරු නිළිය ඇගේ අලුත්ම තොරතුරු කියන්නට හරිබරි ගැසුනේ මේ ආකාරයටය.

“මුලින්ම මම කියන්නෙ කලාව කියන්නෙ මිල කරන්න බැරි තරම් ලොකුම සම්පතක්, කලාවට සම්බන්ධ වෙන්න ලැබිම මම දකින්නෙ මේ ජීවිතයේදී මට ලැබුණු ලොකුම වාසනාවක් හැටියටයි. මම ඒ ගැන හැමතිස්සෙම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා”


“මේ ක්ෂේත්‍රය හරිම සුන්දර තැනක්. මිනිසුන්ගේ ආදරය අවධානය ඕනෑවටත් වඩා ලැබෙන විට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මේ වරප්‍රසාද වැරදි විදියට පරිහරණය කළොත් තමයි ගැටළු මතු වෙන්නෙ. කලා ක්ෂේත්‍රය ගැන විවිධාකාර අදහස් පළවෙනවා තමයි. 


නමුත් මම නම් කලා කටයුතුවල යෙදිල ඉන්නෙ නම් හරිම සතුටින්. ඒ වගේම හොඳ තෘප්තිමත් හැඟීමකින්” මේ දිනවල ඇය යෙදී සිටින කලා කටයුතු ගැන කීවේ මෙවැනි කතාවකි. “මේ දවස්වල මම වැඩිපුරම නර්තනය හා සම්බන්ධ දේ වලට තමයි මුල්තැන දීලා තියෙන්නෙ. 

නුගේගොඩ මගේම නර්ථන පන්තියක් පවත්වාගෙන යනවා. ඒ වගේම සංගීත සංදර්ශනවලට නර්ථනයෙන් සම්බන්ධ වෙනවා. දකුණු කොරියාවේ පැවැත්වුණු සංගීත වැඩසටහනකට සහභාගි වෙලා ආවෙ ගිය සතියේ. ඊට කලින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සංගීත වැඩසටහනකට සම්බන්ධ වෙලා කටයුතු කළා.”

“ඇත්තටම මම මුලින්ම බෙනට් රත්නායකගේ “ඉරහඳ” චිත්‍රපටයට තමයි සම්බන්ධ වුණේ. නමුත් මිනිසුන් මාව හඳුන ගත්තේ මා වටා රොක් වුණේ  “අමා” නිසයි. සාන්ත සොයිසා නිර්මාණය කළ අමා කණ්ඩායමට මා සදා ණය ගැතියි. මම කොහේ ගියත් හැමෝම මට කතාකරන්නෙ අමා කියල, හරි පුදුමයි. ඒ වාසනාවන්ත නමට මම හැමදාම ආදරෙයි“


“ඒ වගේම කියන්න කුලසිරි බුදවත්ත මාස්ටර්ගෙ නර්තන පන්තියෙ උගන්වපු ගයාන් ශ්‍රීමාල් අයියා තමයි මට ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සහභාග වෙන්න මග පාදල දුන්නෙ. සිරසට, ස්වාධීන රූපවාහිනී සේවයට මම හැමදාම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගෙ අම්ම. අම්ම හින්ද තමයි මට මේ තරම් දුරක් එන්න ලැබුණෙ. 


අම්ම මගේ පිටිපස්සෙන් ඉඳගෙන මාව ධෛර්ය යමත් කළා හැම තිස්සෙම” සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රයේ අය විවාහ දිවියට පිවිසෙන්නේ එහි කිසියම් ස්ථාවරයක් ගොඩනගාගත් පසුවය. 

තම ජනප්‍රියත්වයට එයින් බලපෑමක් එල්ලවන බව සමහරුන්ගේ අදහසය. නමුත් ෂෙරිල් විවාහ වූයේ කලා ලෝකයට ඉතා නවක නිළියක්ව සිටියදී ඉතා ළාබාල වයසකදීය. මේ ගැන මම ඇගෙන් විමසුවෙමි.

“මට ජීවිතයේ ඒ වගේ හීන නම් නැහැ. මට ජීවිතයේදී යම් යම් දේ ලැබෙන ආකාරයට එය හැඩගස්වා ගන්න තමයි මම කැමති. රුවන් මට ආදරෙයි. මගේ අම්මට, තාත්තට අක්කට හොඳින් සලකන ආදරණීය චරිතයක්. ඉතින් ඇයි අපේ කටයුතු ප්‍රමාද කරන්නෙ.”


“ලොකු උත්සව, වැඩි කළබල නැතිව ලබන ජනවාරියේදී අපේ විවාහ මංගල උත්සවය පවත්වනවා” “අපි ජීවිතයේදී මේ හැම දෙයක්ම කරන්නෙ සතුට ලබාගන්න නේද ?  ඉතින් මට ඒ සතුට සන්තෝෂය ඕනෑවටත් වඩා ලැබිල තියෙනවා. අපි දෙන්න ජීවත් වෙන්නෙ හරිම සතුටින්. මට හිතෙනවා මම හරිම වාසනාවන්තයි කියල”


අපි දෙන්නම විදේශවල පැවැත්වෙන සංගීත වැඩසටහන්වලට නිතරම සම්බන්ධ වෙනවා. රුවන් ගී ගයනවා මම නර්ථනයෙන් දායක වෙනවා. ඒ රටවල ජීවත්වන අපේ රටේ අයගේ ආදරය, සත්කාර අඩු නැතිව ලැබෙනවා. 


අපි හරිම සතුටින් ජීවත් වෙනවා ඇයගේ විනෝදාංශයද ටිකක් අමුතුම පාහේ එකකි. අපි දෙන්න විවිධ කෑම වර්ග කන්න හරි ආසයි. ඉතින් විනෝදයට කරන්නෙත් විවිධ රස කෑම වර්ග රසවිඳින එක තමයි

සමුගන්නට කලින් ඇය මෙසේද කීවාය. 


මේ මෑතකදී අපි දෙන්න දික්කසාද වෙලා කියල රාවයක් නිර්මාණය කරල තිබුණ. මේවා කරන්නෙ කවුද කියල නම් අපි දන්නෙ නැහැ. අපි ඒ අයට වෛර කරන්නෙත් නැහැ. ඒ අය ගැන අපට තියෙන්නෙ දුකක් විතරයි“

අපි දෙන්නව එකතු කළේ දෙවියන් වහන්සේ. අපි දෙන්නම කතෝලික ආගමේ. දෙවියන් විසින් එකතු කළ දේවල් මිනිසුන් වන අපට වෙන් කරන්න බැහැ. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. කවදාවත් කලාව දාලා යන්න බලා‍පොරොත්තුවක් මගේ නැහැ. හැමදාම මම මේ ක්ෂේත්‍රයේ  ඉන්නවා. ඒතරමට මම කලාවට ආදරෙයි”

0 comments:

Post a Comment