Pages

Subscribe:

Ads 468x60px

දිවිනසාගත් මීගමුවේ විදුහල්පති පාසලේ මුදල් ගිණුම් පියවීමේ වංචා හසුවේයයි බියෙන් ඉඳලා

පසුගිය සතියේ මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති වරයා සිය කාර්යාලයේ වැසිකිළිය තුළ ගෙල කපා ගෙන සිය දිවි හානි කර ගෙන සිටි පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව තවදුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම හදිසි මරණය ගැන පොලිසිය සිදු කරගෙන යන පරීක්ෂණයේදී මේ වන විට අලූත් තොරතුරු රැසක් අනාවරණය වන බවයි.

59 හැවිරිදි මැක්ස්වෙල් ඩොනල්ඩ් ප්‍රනාන්දු නමැති මේ විදුහල්පතිවරයා මියයන්නට දින කීපයකට පෙර ඔහුගේ සමීප මිතුරන්ට පවසා ඇත්තේ තමන් පාසලේ මුදල් ගිණුම් පියවීම පිළිබඳ ප්‍රශ්නයකට මැදිව සිටින බවයි. 


ලබන මාසේ පෙන්ෂන් ගන්න වෙනවා.. අනේ මන්දා මට පෙන්ෂන් යන්න වේවිද පොලිසි යන්න වේවිද කියන්න බෑ.. යනුවෙන් ඔහු මිතුරන්ට කියා ඇත්තේ ඔහුගේ පුද්ගලික පරිහරණයට පාසල් ගිණුම් වලින් ලබාගෙන තිබුණ මුදල් ආපසු පියවීමට නොහැකිව ඔහු ප්‍රශ්නයක පැටලී සිටි නිසා බවයි. 

ලබන නොවැම්බර් 9 වෙනිදා ඔහු විශ්‍රාම යාමේදී අධ්‍යාපන කාර්යාලයේ විගණන අංශ වෙත ඔහු හර බැර ගිණුම් වාර්තා නිවැරදිව පියවා තිබිය යුතුව තිබුණ අතර එසේ නොවුණ හොත් ඔහුට ඒවා පියවන්නට සිදු වන අතර වංචාවක් බව හෙළිවුව හොත් ඊට දඬුවම් විඳින්නට සහ විශ්‍රාම වැටුප පවා අහිමිව යාමේ අවදානමකට ඔහු ලක්ව සිටියා.

මේ තත්වයන් අනුව මෙම විදුහල්පති වරයා දිවි නසාගන්නට ඇත්තේ පාසලෙන් සමුගැනීමට සිදුවිම පිළිබඳ කලකිරීමෙන් නොවන්නට ඇතැයිද ඔහු වරද කරුවෙකු වන්නට තිබුණ බිය නිසා බවද පොලිසිය දැන් සැක කරනවා. 


මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති වරයා සිය කාර්යාලයේ වැසිකිළිය තුළ ගෙල කැපී අබිරහස් ලෙස මියගොස් තිබියදී පසුගියදා සොයාගත්තා. 

එදා උදැසන පාසැලට ගොස් 6.00 ට පැමිණිමේ ලේඛනයද අත්සන් කර  තිබුණ අතර උදැසන 7.15 ට එම පාසැලේම උසස් පෙළ ඉගෙනුම ලබන සිය ඥාති පුතෙකු ගේ පිටට තට්ටු කර හොදට ඉගෙන ගන්න පුතා යැයිද පවසා තිබුණා.

අභිරහස් සිද්ධිය වාර්තා වූයේ පෙ.ව 7.15 ත් 7.30 ත් අතරේය. පාසැලේ දිනපතා රැස්විම සදහා විදුහල්පතිතුමා වෙනදා මෙන් නොපැමිණීම ගැන නොසන්සුන් වූ නියෝජ්‍ය විදුහල්පති වරයා ඔහු සොයන්නට බලද්දී ඔහු නිල කාමරයේ වැසිකිලිය තුළ ලේ ගලමින් වැටි සිටිනු දැක ගන්නට ලැබී ඇති අතර අන් අයගේද සහයෙන් රෝහල වෙත ගෙන ගියත් ඔහු ඒ වන විටත් මරණයට පත්ව අවසන්ය.


මීගමුවේ ශාන්ත මරියා විදුහලේ  විදුහල්පති මැක්ස්වල් මහතාගේ මරණය අධික ලෙස රුධිරය වහනය විම නිසාවෙන් සිදු වුවක් බවට මරණ පරික්ෂණයේදි නිගමනය වූ අතර එය බාහිර පුද්ගලයෙකු විසින් සිදුකරන ලද්දක් නොවන බවද අදාල පරික්ෂණ වලදි හෙළිව තිබුණා.


වැසිකිලිය තුළ වැටී සිටි අවස්ථාවේ විදුහල්පති වරයාගේ ගෙල මෙන්ම පාදයේ බලනහර කපා දැමුනු තුවාල තිබුණ බවත් ඒ හේතුවෙන් අධික රුධිර වහනය වූ බවත් වාර්තා වුණා.


මෙම කැපුම් සඳහා උපයෝගී කරගෙන තිබුණ බවට සැකකරන කඩදාසි කපන කතුරක්ද පිහියක්ද ලේ පැල්ලම් සහිතව අසළ තිබී හමුවී තිබුණා.


ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ඔහුගේ පාදයේ බලනහරය කපා ගැනීමට පෙර එම ස්ථානයේ කීපතැනක් පිහියකින් කැපීමට උත්සාහ දරා වේදනාව නිසා මොහොතකට එම උත්සාහය අත්හැර දමා ඇති බවක් පෙනෙන බව සුළු තුවාල කීපයක් නිසා වෛද්‍ය පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත.


කෙසේ වෙතත් මෙය දිවි නසාගැනීමක්ද නැද්ද යන්න ගැන තවම අවසන් තීන්දුවකට පොලිසිය එළැඹ නැත. විදුහල්පති වරයා මියගොස් වැටී සිටි නාන කාමරයේ දොරටුවෙන් කිසිවකු ඇතුළුවී ඇද්ද යන්න සෙවීමට ඇගිලි සලකුණු පරීක්ෂණ වාර්තාවක් කැඳවා තිබෙන අතර මේ වන විට සිද්ධිය ගැන පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇත.


විදුහල්පති වරයා රෝහලට ගෙනයන ගමනේදී රියැදුරු සමග කිසිවක් කතාකර නැති බවද අනාවරණය වුණා. මීගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ශාන්ත මරියා විදුහල්පති සියදිවි හානි කර ගත්තාද, මරා වැසිකිළිය තුළට දැමුවාද..?

0 comments:

Post a Comment