Pages

Subscribe:

Ads 468x60px

පහේ ශිෂ්‍යත්වෙ පළවෙනියා මහින්දයේ සඳරු

2013 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ගෙන ලංකාවේ ම හා ගාල්ල දිස්ත්‍රික් කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටින්නේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සදරු සත්සර බාලහේවා සිසුවායි.

සදරුගේ මව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු වරියක වන කුමුදුනි වික්‍රමසුරිය වන අතර පියා  හම්බන්තොට ලංකා ලූණු සංස්ථාවේ ඉංජිනේරු වරයෙක් වන හරිස් කුමාර බාලහේවා මහතායි.


සඳරුට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකුද සිටී. අනාගතයේදී ශල්‍ය වෛද්‍යවරයෙකු වන්නට තමා කැමති බව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා.



ලකුණු 196ක් ලබාගෙන ශිෂ්‍යත්වයේ දෙවැනි තැනට තුන් දෙනෙකු තේරී සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැනද සමග දිවයිනෙන් දෙවැනියා වූයේ ගොඩගම සුබාරතී විද්‍යාලයේ කාවින්ද්‍යා ගිම්හානීය.

අනෙක් පාසල් දෙක වනුයේ ඛෙලිහුල්ඔය, කරගස්තලාව විද්‍යාලය හා කෑගල්ල, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයයි. තවම නිල වශයෙන් විභාග දෙපාර්තමේන්තුව පහේ හපනුන්ගේ නම් එලි දක්වා නැත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ලකුණු වනුයේ 160ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් සිසුන් තුන් ලක්ෂ 22,455 දෙනෙකු පෙනී සිටින ලදී.


0 comments:

Post a Comment