Pages

Subscribe:

Ads 468x60px

මවගේ අනියම් පුරුෂයා නිදි පෙති බොන්න දී දැරිය දූෂණය කරලා

පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියකට නිදි පෙති බොන්නට දී බලෙන් දූෂණය කළ බවට සැකපිට කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි දැරියගේ මවගේ අනියම් පුරුෂයා කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ලබන 14දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකරමින් දැරිය ගැලවීමේ හමුදාව භාරයට පත්කෙළේය.

නවම් මාවත ලොන්ඩරිවත්ත පදිංචි පේඩිගේ සුමතිපාල නමැති සැකකරු මෙසේ නැවත රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

දැරියගේ මව නිවෙසේ නොමැති අවස්ථාවක සැකකරු පැමිණ ඇය පාසල් නොයවා නතර කරගෙන නිදි පෙති බීමට දී නින්ද ගිය පසු දූෂණය කර ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.


මේ පැමිණිල්ල ඊයේ (30දා) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මව භාරයේ සිටි දැරිය මහෙස්ත්‍රාත් වරයා විසින් ගැලවීමේ හමුදාව භාරයට පත්කරන ලද අතර ඇය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කෙළේය.

0 comments:

Post a Comment