Pages

Subscribe:

Ads 468x60px

පොදු රද සමුළුව කොයි තරම් වටිනවද? පබා පැහැදිලි කරයි

ලබන නොවැම්බර් මාසායේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ජාත්‍යන්තර රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මිත්‍රත්වයේ ප්‍රතිරූපය ලොවටම කියාපෑම සඳහා හොඳම අවස්ථාවක් බව රංගන ශිල්පිනී සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.

මීට වසර හතරකට පෙර එවැනි සමුළුවක් පැවැත්වීමට නොව ජීවත්වීමට ද නිදහසක් නොමැතිව පැවැති නමුත්  අද වනවිට ඒ තත්ත්වය වෙනස් වී ශ්‍රී ලංකාවේ දී පවත්වන ප්‍රධානම ජාත්‍යන්තර සමුළුව මෙය බවත් රටේ සෑම ප්‍රදේශයකම නිදහස් හා සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇ
ති බව එයින් තහවුරු වන බවත් මන්ත‍්‍රීවරිය කියා සිටී.

ශ‍්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය මෙන්ම සංස්කෘතිය, සදාචාරය ආදිය ලෝකයට පෙන්වීමට මෙය අනඟි අවස්ථාවක් බවත් දියුණුවන රටක් වශයෙන් මේ ලද අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබාගත යුතු බවත් පවසන මන්ත්‍රීවරිය ආගන්තුක සත්කාරය අතින් ලෝකයේ ඉදිරියෙන් සිටින ජාතියක් වශයෙන් එක් එක් රටවල් සමඟ පවත්නා මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට මෙය අවස්ථාවක් බවත් ලෝකයේ ඕනම රටක් ඉදිරියට ගමන් කිරීමේ දී සෙසු රටවල් සමඟ එක්ව කටයුතු කරන බවත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ලෝකයට පෙන්වීමට මෙන්ම ඒ හරහා වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් විදේශීය රටවල සහයෝගය තව තවත් ලබා ගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව අපේ රටට ඉතාම වැදගත් අවස්ථාවක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:

Post a Comment