Pages

Subscribe:

Ads 468x60px

දියණියගේ ඇස පළාගෙන පිහිය මොළයටම බසී

ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්‌වා ඇනී ගිය පිහියක්‌ ශල්‍යකර්මයක්‌ සිදුකර දැරිය සුවපත් කිරීමට හැකිවූ බව ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි. දැරිය මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබයි.

දැරිවිය තම සහෝදර සහෝදරියන් සමග නිවසේ ක්‍රීඩා කරමින් සිටියදී පිහියක්‌ ද රැගෙන දිවගොස්‌ තිබේ. මෙහිදී පය පැටලී බිම ඇද වැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ. ඒ සමගම දැරියගේ දෙමාපියන් මෙම දැරිය ඉමදුව රෝහලට රැගෙන විත් තිබේ.


මෙහිදී ඇති වී ඇති තත්ත්වය තේරුම් ගත් ඉමදුව රෝහලේ වෛද්‍යවරු දැරියගේ පිහිය නොගලවාම ගිලන් රථයකින් වහාම ගාල්ල කරාපිටිය රෝහලට යවනු ලැබ ඇත. මෙහිදී මේ දැරියගේ තත්ත්වය පිළිබඳව වහාම ඉමදුව රෝහලේ වෛද්‍යවරු කරාපිටිය රෝහලේ වෛද්‍යවරු දැනුවත් කර ඇත.

ඒ අනුව වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ප්‍රමුඛ කාර්ය මණ්‌ඩලය දැරිය පැමිණෙන විට සියල්ල සූදානම් කර තිබූ අතර ඉක්‌මනින්ම ශල්‍යකර්මය සිදුකර තිබේ. ඇසේ බෝලයට හා මාංශ පේෂි හතකට තුවාල සිදුව ඇති අතර මෙම පිහිතුඩු පූර්ව මොළය දක්‌වා ගමන් කර ඇති බව ස්‌කෑන් පරීක්‌ෂාවෙන් තහවුරු කරගෙන මෙම ශල්‍ය කර්මය සාර්ථකව සිදුකර තිබේ. 

අදාළ දරුවා ගැහැනු ළමයකු නිසා මෙම අවස්‌ථාවේ පිහිය එළියට ගෙන ශල්‍යකර්මය පමණක්‌ සිදුනොකර අනාගතයේදී මුහුණේ කැපුම් තුවාල නොපෙනෙන ආකාරයට ඇහිබැම උපයෝගි කරගෙන මැහුම් දැමූ බවත් මෙම ශල්‍යකර්මය සිදු කිරීමේදී කපාල කුහරය විවෘත කර අදාළ පිහිය එළියට ගත් බවද එම අවස්‌ථාවේදී රුධිරය පිටතට නොඑන ලෙස තබා ගැනීමට තමා ඇතුළු කාර්ය මණ්‌ඩලයට හැකිවූ බව කරාපිටිය රෝහලේ විශේෂඥ ස්‌නායු ශෛල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පැවැසීය.

එසේම මෙවැනි අවස්‌ථාවක සිද්ධිය සිදුවූ ස්‌ථානයේදී අදාළ පිහිය නොගලවා රෝහලක්‌ වෙත රැගෙන ඒම සිදු කළ යුතු බවත් ඒ මහතා පවසයි.

 

2 comments:

විශ්ව said...

දෙවියන් හෝ නොපෙනෙන බලවේග වලට කළ නොහැකි දේ කරණා විද්‍යාව.
මේ සඳහා කැපවුණ සියලුම බලවේග වලට ( වෛද්‍යවරුන්, හෙද හෙදියන්, තාක්ෂණ වේදීන්, රියදුරන්, සුලු සේවකයන් ඇතුලු සියල්ලන්ට) මාගේ ගෞරවනීය ආචාරය.

Unknown said...

දෙවියන් හෝ නොපෙනෙන බලවේග වලට කළ නොහැකි දේ කරණා විද්‍යාව.
මේ සඳහා කැපවුණ සියලුම බලවේග වලට ( වෛද්‍යවරුන්, හෙද හෙදියන්, තාක්ෂණ වේදීන්, රියදුරන්, සුලු සේවකයන් ඇතුලු සියල්ලන්ට) මාගේ ගෞරවනීය ආචාරය

Post a Comment