Pages

Subscribe:

Ads 468x60px

සොහොනකින් මෘතශරීරය ඉවත්කළ බද්දේගම - හොරගම්පිට ග‍්‍රාම නිලධාරිනිය සහ සැමියා

බද්දේගම ප‍්‍රාදේශීය කොට්ඨාශයේ, තෙලිකඩ පොලිස් වසමට අයත් හොරගම්පිට 205 (දොඩංගොඩ 203 බී - වැඩ බලන)  ග‍්‍රාම නිලධාරිනිය වන පී.එම් ශ‍්‍රියානි සහ ඇයගේ සැමියා රංජිත් ගුණවර්ධන යන අය අනවසර යෙන් සොහොනක් කඩා මෘත ශරීරය ඉවත්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන 2013-10-11 වන දින බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත් මහින්ද පිණිදිය මහතා ඔවුන් රු 25000ක ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

මෙසේ ඉවත්කරන ලද්දේ 2000 මාර්තු මස සැකකටයුතු ලෙස මියගිය මුදලිගේ කරුණාදාස ගුණවර්ධන නැමැත්තාගේ තැන්පත් කර තිබූ දේහය වන අතර ඔහු  ත‍්‍රිකුණාමලය, පදවිය ප‍්‍රදේශයේදී වස ශරීගත වීමෙන් මරණයට පත්ව තිබූ අතර ඔහුගේ දේහය ගාල්ල බද්දේගම තෙලිකඩ ප‍්‍රදේශයේ ඔහුගේ පවුලේ සුසාන භූමියේ තැන්පත් කර තිබිණි. 


මෙම ග‍්‍රාම නිලධාරිනිය සහ ඔහුගේ සැමියා එම පවුලේ ඥාතීන් වන අතර ඔහුගේ සැමියා ද පදවිය ප‍්‍රදේශයේ මයගිය තැනැත්තා සමග කළක් සේවය කර ඇත.

ඔවුන් එක්ව ක‍්‍රම ක‍්‍රමයෙන් පවුලේ සුසාන භූමියේ වෙනත් ඉදිකිරීම් කර ඇති අතර ක‍්‍රම ක‍්‍රමයෙන් රහසිගතව සොහොන හාරා මෘත ශරීරය ඉවත් කල බවට ලැබුණු පැමිණිල්ලකට සැකපිට තෙලිකඩ පොලිසිය මගින් අත්අංගුවගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


නඩුව - බද්.දි.ම.අ. අංක :77265


0 comments:

Post a Comment