Pages

Subscribe:

Ads 468x60px

අනියම් ඇසුර සැමියාට කියාවි කියා මව මරා සැගවූ දියණිය

අනියම් පෙම්වතා ගැන ආරංචිය විදේශ ගතව සිටින සැමියාට ආරංචි කරාවි යයි සිතා ඔහු සමග එක්වී තමන්ගේ මව මරා නිවසේ වැසිකිලි වළකට දැමූ දියණියකගේ කෘෘරතර ක්‍රියාවක සුලමුළ පෙරේදා උදේ කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම නිවසේ පදිංචිව සිට ඇත්තේ දියණියන් තිදෙනෙකුගේ හා පුතෙකුගේ මවක වූ රෝහිණී පෙරේරා නමැති 65 හැවිරිදි කාන්තාවකත් ඇගේ බාල දියණියත් දියණියගේ දරු දෙදෙනාත්ය. 


මෙම බාල දියණියගේ සැමියා විදේශගතව සිට ඇති අතර ඔහු නැති කාලයේ ඇය වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගොස් ඇති බව සැක කරනවා. මෙම සම්බන්ධය රහසක් වශයෙන් තබාගෙන තිබුණ නමුත් එම රහස ඇගේ මවට ආරංචි වීමෙන් පසු මව එයට තදින්ම විරුද්ධව තිබෙනවා.

තමන්ගේ සම්බන්ධය විදේශගත සැමියා දැනගතහොත් සියල්ල අහිමිවේය යන බියට මෙම දියණිය විසින් පෙම්වතා සමග එක්ව තමන්ගේ මව මරන්නට තීරණය කර ඇත්තේ ඒ අනුවය. එය සිදු කළ ආකාරය පිළිබඳ විස්තර තවම පුළුල් ලෙස අනාවරණයවී නැත.


2011 අගොස්තු මාසයේදී තමන්ගේ මව අතුරුදන්වූ බවට පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණ බාල දියණිය මෙවැනි මිනීමැරුමක් සිදු කර ඇති බව සොයුරු සොයුරියන් කිසිවෙකු දැන සිට නැත. 


ඒ කාලයේ අතුරුදන්වූ මව සොයා විවිධ ආකාරයට ඔවුන් සොයා බැලූවත් පලක්වී නැති අතර ටික කාලයකට පසු එම උත්සාහය අත්හැර දමා ඇත.

දරුවන් දෙදෙනා සමග නිවසේ තනිවූ දියණිය අනියම් සබඳතාවය යහමින් සිදු කරගෙන ගිය බවත් මාස කිහිපයකට පසු ඇය එම පුද්ගලයා සමග විවාහවී තිස්සමහාරාම ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට පදිංචියට ගොස් ඇති බවත් අනාවරණය වුණා. 

 
මේ කිසිවක් නොදැන තමන්ගේ සේවා කාලය නිමා කර විදේශගත සැමියා පසුගිය අප්‍රේල් මාසයේ නිවසට එනවිට නිවසේ කිසිවෙකු සිට නැත. දරුවන්වද ඇය කැටුව ගොසිනි.

තමන්ට වංචා කර නිවසින් ගොස් තිබුණ බිරිය සම්බන්ධ සිද්ධව ඇති දේවල් එකින් එක සොයන්නට ඔහු උත්සාහ කර තිබෙනවා. ඒ අනුව ගෙවීගිය කාල පරිච්ඡේදයේ තමන්ගේ බිරිය අනාචාරයේ හැසිරී සිදු කර
තිබෙන මහත් විනාශය ඔහුට කනින් කොනින් ආරංචි වුණා.

වසර දෙකකට පමණ ඉහත දී අතුරුදහන්වූ බවට දියණිය විසින් පොලිසියට පැමිණිළි කර තිබුන මවගේ මළ සිරුර එම නිවාස ඉඩමේ වැසිකිලි වළක දමා ඇති බව ඔහුට අනාවරණය කරගන්නට හැකිවුණා.


පෙරේදා පොලිසියට දන්වා මෙම සැකකටයුතු සිරුර ගොඩගත් අතර සාරියකින් ඔතා තවත් සාරියකින් ගැටගසා තිබුණ මළ සිරුර වසර දෙකක් තිස්සේ දියවී ගොස් තිබුණ අයුරු දැක ගන්නට හැකි වුණා. 

හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් වයි.එන්.ආර්. නෙළුම්දෙණිය මහතා ඉදිරියේ දී මෙම සිරුර ගොඩගත් අතර දියණිය සහ ඇගේ අනියම් සැමියා විසින් සිය මව ඝාතනය කොට වැසිකිළි වළකට දමන්නට ඇති බව ලැබී තිබෙන සාක්ෂි අනුව අනාවරණය වුණා.

ඝාතන සැකකරුවන් තිස්සමහාරාම ප්‍රදේශයේ සිටින බව පොලීසිය සොයාගත් අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

1 comments:

Lakshan Madushanka said...

Meka boruvak venna athi..Duvala Ammalava maranne naha..Lankave ehema siddavennath naha.. Meka boruvak mama hithanne.

Post a Comment